Friday, January 31, 2020

රිදී තිරයේ අරුම පුදුම වෙස් පෙරළන්නා හෙවත් Christian Bale

Jack Dawson එහෙමත් නැත්නම් ජේම්ස් කැමරන් ගෙ Titanic චිත්‍රපටයෙ ඒ රොමාන්තික ප්‍රේමවන්තයා ගෙ චරිතය නිරූපණය කරන්න තරුණ නළුවන් කීපදෙනෙක් තෝරාගෙන තිබුණා. ඒ අතරෙ ඒ වෙනකොට ජනප්‍රියත්වයෙ හිණිපෙත්තට නැග සිටි ටොම් කෲස් පවා හිටියා. ඒ අය අතරෙ බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙක් වුණු Christian Charles Phillip Bale කෙටියෙන් කිව්වොත් Christian Bale ට කැමරන් වඩාත් කැමති බවක් තමයි පෙනුනේ. නමුත් කොහොමහරි ඔහුට ඒ අවස්තාව ලැබුණේ නැ. Leonardo Dicaprio නම් තරුණයා Bale වෙනුවට Jack ගේ චරිතය සඳහා තෝරගත්ත. Bale මීට කලිනුත් Whats eating Gilbert Grape සහ Romeo Juliet චිත්‍රපට දෙකේදි Dicaprio නිසා තමන්ගෙ අවස්ථාව අහිමි කරගෙන තිබුණා. තමන්ට ලැබීමට තිබුණු වටිනා අවස්ථා කීපයක්ම හිමි කරගත්ත Leo ගැන Bale තුළ ඇති වී තිබුණෙ යම් නොරිස්සුමක්.

නමුත් Bale අතහැරියෙ නෑ .Titanic චිත්‍රපටයෙන් අවුරුදු දෙකකට පස්සෙ ඔහු ට වාසනාවෙ දොර ඇරෙනව. May Harron ගෙ American Psycho චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය වෙනුවෙන් Bale ව තෝරාගෙන තිබුණ. American psycho චිත්‍රපටයෙ කල රඟපෑම Bale කියන නම නැවත බොහෝ දෙනා අතරෙ කතාබහට ලක්වෙන නමක් බවට පත් කලා. මීට කලින්, අවුරුදු දහතුනේදි Bale, Steven Spielberg ගෙ Emperor of the Sun චිත්‍රපටයෙ කල රඟපෑම නිසා ළමා නලුවෙක් විදිහට ඔහු යම් ජනප්‍රියත්වයක් ලබා තිබුණා. 

Christian Bale හොළිවුඩයේ අරුම පුදුම වෙස් පෙරළන්නා යන හැඳින්වීම ඔහුට උරුම කර දෙන්න මුල් වෙන The Machinist චිත්‍රපටයට ඔහු එක් වෙන්නෙ ඉන් පස්සෙ. චිත්‍රපටයට අවශ්‍ය ශරීර ස්වරූපය ලබාගන්න Bale දවසට එක ඇපල් ගෙඩියක් බැගින් ආහාරයට ගනිමින් මාස කිහිපයක් ඇතුලත කිලෝ 30 කින් තමන්ගෙ ශරීරයෙ බර අඩු කරගන්නව. මෙය තවමත් චිත්‍රපටයක් වෙනුවෙන් නලුවෙක් විසින් කල ලොකුම ශාරීරික විපර්‍යාසය විදිහට වාර්තගතයි. අවසානෙ ඔහු ඇවිදින ඇටසැකිල්ලක් බවටම පත් වුණා. තව ටික දවස ඒ ආකාරයෙන් ගත කලා නම් ඔහු මියයන්න පවා ඉඩ තිබුණ. නමුත් Bale තමන් කරන කාර්‍ය උපරිමයෙන්ම ඉටු කළේ ජීවිතය පවා කැප කරමින්.

Christian Bale ගේ රංගන ජීවිතේ ස්වර්ණමය යුගය එළඹෙන්නෙ Christopher Nolan ගෙ Bat man චිත්‍රපට ත්‍රිත්වයෙ Bat man චරිතය නිරූපණය කරන්න ඔහුව තෝරා ගැනීමෙන්. Christian Bale මෙතෙක් සිනමාවෙ Bat man චරිතය රඟපෑව ඇමරිකානු නොවන එකම නලුවා බව සඳහන් වෙනව. Bat man වෙනුවෙන් මාසයක් වගේ කාල‍යකදි කිලෝ 20 ක ප්‍රමාණයකින් ඔහු නැවත තමන්ගෙ ශරීරය ගොඩනගා ගත්ත. Nolan ගේ තෝරාගැනීම කොයිතරම් සාර්ථකද කියන කාරණය ඉතිහාසය විසින් පෙන්වා දී අවසානයි. 

2005 Bat man Begins චිත්‍රපටයෙන් පස්සෙ 2006 අවුරුද්දෙ ඔහු නැවත Rescue Dawn චිත්‍රපටය වෙනුවෙන් කිලෝ 20 කින් බර අඩු කරගන්නව. ඉන්පස්සෙ 2008 දි Dark Knight වෙනුවෙන් නැවත කිලෝ 20 කින් ශරීරය ගොඩනගා ගන්න Bale නැවත 2010 Fighter චිත්‍රපටය වෙනුවෙන් තවත් කිලෝ 20 කින් බර අඩු කරගන්නව. 2014 දි Exodus චිත්‍රපටය වෙනුවෙන් Bale බයිබලත්, කුරාණයත් සම්පූර්ණයෙන් කියවා හදාරා තිබෙනව. මේ ආකාරයට ඔහු රඟපාන හැම චරිතයකම භෞතික ශරීර සැකැස්මෙ ඉඳන් හැමදෙයක්ම උපරිමයෙන් නැවත ගොඩනඟන්න ඔහු කරන කැපවීම පුදුමාකාරයි.

Christian Bale හොඳම නලුවා විදිහට කීපවතාවක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වුණත් තවම ඔහුට සම්මානය දිනාගන්න හැකියාව ලැබී නෑ. 2011 අවුරුද්දෙ Bale , Fighter චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නලුවාට හිමි ඔස්කා සම්මානයෙන් පිදුම් ලබනව. හොඳම නළුවාට හිමි සම්මානය දිනාගන්න බැරි වුණත් හැම අවස්ථාවකදිම කරට කර හොඳ තරඟයක් දෙන්න Bale සමත් වුණා.

2020 ජනවාරි 30 දා මේ අපූරු වෙස් පෙරළන්නා, වචනයෙ අර්ථයෙන්ම නලුවා තමන්ගෙ 46 උපන්දිනය සමරනවා. තමන් කරන්නෙ මොන කටයුත්තක් වුණත් ඒ දෙය වෙනුවෙන් මනුෂ්‍යයෙකුට කැපකරන්න බැරි දෙයක් නැහැ කියල Christian Bale තමන්ගෙ ජීවිත පැවැත්මෙන්ම පෙන්වා දී තිබෙනව. මුල්කාලීනව Leo එක්ක තිබුණ තරඟකාරීත්වය ඔහු ජයගන්න කල්පනා කරන්නෙ තමනුත් කිසිවෙකුට දෙවනි නොවෙන තරඟකරුවෙක් බවට පත් වීමෙන් මිස වෙන මඟකින් නොවෙයි. ඔහුට මෙතරම් දුරක් එන්න හැකියාව ලැබෙන්නෙ ඒ ආත්ම ශක්තිය නිසා ම යි. Bale ගේ ජීවිතයෙන් අපට ගතහැකි පාඩම එයයි. චරිතයක් වෙනුවෙන් ඔහු ගන්න වෙහෙස ඔහු කරන හැදෑරීම වෙන කෙනෙකු නොකරන තරම්. ඒ සියලුම පරිශ්‍රමයන් අද ඔහුව හොළිවුඩයේ ඉහළම තැනට ඔසවා තබා තියනව. අදටත් Bruce Wayne කියු සැණින් මගෙ මතකයෙ නම් ඇඳෙන්නෙ Bale ගේ රුව මිස වෙන කෙනෙක් නොවෙයි. මම වැඩියෙන්ම ප්‍රිය කරන Bat man අදටත් ඔහු යි..

Happy Birthday Christian Bale !



Empire of the sun 1987


Little Women 1994


American Psycho 2000


The Dark Knight 2005


The Prestige 2006



7 comments:

  1. Replies
    1. ටිකාරියක් විතර.... චරිතාංග නළුවන් කියන්නේ කවුද කියන එක ඉගෙනගන්නත්, උදාහරණෙට ගන්නත් හොඳම මේ උන්දා තමයි. ඒ උනාට ජෝ වගේ චරිතාංග නළුවන්ට වඩා විජයට විසිල් වදිනවනේ.. හි හි...

      ford vs ferrari බැලුවා මමත්. හම්මෝ ඒ නළුවන්ගේ නළුකම!

      Delete
    2. බැට්මෑන් හින්ද ටිකක් වැඩිපුර විසිල් වදිනව මෙයාට ඒක නැත්තනම් බොහෝවිට ඔය තරම් නැති වෙන්න තිබ්බ.. ඒත් මේ පාර ඔස්කාර් නොමිනේට් නෑ..දුක තමා..

      Delete
  2. ela

    thwath syndi ekk https://sithuvili.info/ blog kiyawanna me patha enna

    ReplyDelete
  3. ටර්මිනටෙර් මූවි එහෙකත් ඉන්නවා! ලගදි ආව ford vs ferrari ෆිල්ඒ එකෙත් ඉන්නවා! නියම දක්ෂ නලුවෙක්! චරිතයට උපරිම සාධාරණයක් කරන එක්කෙනෙක්!

    ReplyDelete
    Replies
    1. Ford vs Ferrari ගැන ලිව්ව..තමන් කරන වැඩේ ගැඹුරටම හදාරල අවබෝධයක් අැතුව කරන කෙකෙක් ... ඒ්කයි මේ තරම් සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ..

      Delete