Friday, February 7, 2020

පළමු පාඩම

"ආයුබෝවන් ළමයි
අද තමයි පළවෙනි දවස
පිළිගන්නව හැම කෙනෙකුවම
අලුත් පන්තියට ...

කලින් පන්තිය වගෙ නොවෙයි
දැන් ඉගෙන ගන්න දේවල් ගොඩයි
නට නටා ඉන්න බෑ තේරුණාද..

හොඳයි එහෙනම් ඉස්සරින්
අඳුනගෙන ඉම්මු අපි
ඔය මැද පුටුවෙ ඉන්න දුව
නැගිටලා මට කියන්න නම ගම විස්තර..

ටීචර් මම අපර්ණා
අපර්ණා දිව්‍යාංජලී

ආහ් හරිම පුදුමයි
මගෙ නමම තියෙන ළමයෙක්
ඉතිං පුතා කියන්න
පුතා ඉන්නෙ කොහෙද..

ටීචර් මම නෙළුම්ගම
අර ලස්සනට මල් පිපෙන වැව
මම ඉන්නෙ ඒ කිට්ටුව

වැව පහුකරපු ගමන්
වම් පැත්තට
පළවෙනි පටුමගට හැරෙන කොටම
"අපූර්ව පියස"
අර ලොකු අරලිය ගස් දෙකක් තියෙන්නෙ
ගේට්ටුව ඉස්සරහම
ඒ ගෙදර නේද?

ඔව් ඒ ගෙදර තමා!
ටීචර් දන්නේ කොහොමද !!

ඒකනේ ළමයො
මං නොදන්නා දෙයක් තියනවද...

හරිම පුදුමයි
ටීචර් නම් මාරයි
ඒත් ඇයි මේ ඇස් දෙකේ කඳුළු?

රොඩ්ඩක් ගියා ළමයෝ
ඔයා දැන් වාඩිවෙන්න
අඳුන ගත්තා ඇති
පටන් ගමු අපි අදම 
පළවෙනි පාඩම..





1 comment: