Friday, February 21, 2020

Masaan (2015)

කාලෙන් කාලෙට ලෝකෙට පහළවෙච්ච නොයෙක් ශාස්තෘවරු, මිනිස් ජීවිතයේ සැබෑ හරයන් සොයාගෙන ගැඹුරටම සිත මෙහෙයවපු ගුරුවරු, මේ පැවැත්මෙත්, විශ්වය ක්‍රියාත්මක ධර්මතාවයනුත් පැහැදිලි කරමින්, එදිනෙදා ජීවිතේ දුක් විඳිමින් මේ විෂම චක්‍රයේ කරකැවෙන මනුෂ්‍ය ප්‍රාණීන්ට යම් අර්ථයක් එක් කරන්න, යම් පරමාර්ථමය නිශ්ථාවක් වෙනුවෙන් මග පෙන්වන්න උත්සහ කළා. නමුත් අදටත් මේ මොහොතටත් ජීවන ප්‍රවාහයේ පාවෙමින් ඉන්න ඉන්න සහසක් මිනිස් ජීවීන් ගෙ දුක් අඳෝනාවන් අහස්තලයට මුහුවෙමින් තිබෙනව. පැවැත්මේ තිත්ත කටුක යථාර්ථයන් එක්ක මේ දැනුත් ගැටෙමින් ඉන්නව. ඉතින් අපි මොකක්ද කලයුතු වෙන්නෙ.. හැමදෙයක්ම අවසානෙ බිඳවැටීමට නියමිතයි කියමින් ජීවිතයට දොස් පැවරමින් කාල රේඛාවක් දිගේ ඔහෙ ගසාගෙන යාම ද අපිට ඉතිරි වෙන්නෙ ? සියලු දේ නිශ්ඵලයි සියලු දේ අර්ථ ශූන්‍යයි කියන නස්තිකවාදී අදහස් හිස මත්තෙ දරාගෙන වික්ෂෝපයෙන් කාලෙ ගතකර යුතු ද? යම් බලාපොරොත්තුවක ආලෝකයක් මේ පැවැත්ම ඇතුලෙ අපිට හොයාගන්න බැරි ද?

Masaan චිත්‍රපටය ජීවිතේ කියන මේ කෙළවරක් නැති පටලැවිල්ල දිහා යම් දුරස්ථ මුනිවර නිවීමකින් බලන්න උත්සහ කරනව. වෙලාවකට හැමදෙයක්ම බොහොම සුන්දරයි, එවැනි මොහොතක හැමදාම ජීවත් වෙන්න ආසයි. ඒත් ඊළඟ මොහොත අරගෙන එන ඛේදවාචකය බොහෝවිට දරාගන්න අමාරුයි. හරියට චිත්‍රපටයට පසුබිම් වෙන ගංගාව වගේ මයි. ඇත්තටම ගංගාවත් ඒ සම්බන්ධව ජීවිතයත් මේ තරම් අපූරුවට සිනමාපටයක් ඇතුලට අරගෙන ඇවිත් තියන ආකාරය දැක්කෙ මුල් වතාවට. Masaan රූපමය අතිනුත් භාවිතාව අතිනුත් හැබෑම සිනමා කවියක් වෙන්නෙ ඒ නිසා.












4 comments:

  1. වෙනස් චිත්‍රපටයක්.මමත් ලියන්නයි හිටියෙ . හැබැයි ඔබ මට වැඩිය හොදින් ලියනවා.ආසාවෙන් බැලුවා.

    ReplyDelete
    Replies
    1. මම බලපු හොදම ඉන්දියානු චිත්රපට අතරින් එකක්...බොහොම ස්තූතියි..

      Delete
  2. බලන්න ඕන. කියවනකොට ආස හිතුණා

    ReplyDelete
    Replies
    1. මේක බලන්න .. මම බලපු හොදම ඉන්දියානු චිත්රපටයක් මේ

      Delete