Monday, June 29, 2020

දැනුණ තැන් තිබුණා ආදරය

රහසින් හෙමින්
මිමිණෙන කෙඳිරිල්ලක..
කොපුල් තලයේ 
විසිරෙන උණුහුම්ම හාද්දක..
අතැඟිලි පැටලිල්ලක..
මේ හැමට වැඩියෙන්
ආදරය දැඩිව
බොහෝ බරව
දැනුණ තැන් තිබුණා
පුංචි පුංචි විහිලුවලට
බඩ අල්ලන් මහ හයියෙන්
හිනා වුණ තැනක..
"ඔහොම කාල තව
මහත් වෙන්න හොඳටම"
කියූ සරදම් බසක..
කිසිදාක නොපැමිණෙන
කිසිදාක පැමිණෙතැයි නොසිතන
ඇමතුමක..
"ඔව් එයා තමා ඔයාට
ගැළපෙන්නෙ හොඳටම"
කියා යැව් පණිවුඩයක.



2 comments:

  1. //මේ හැමට වැඩියෙන් ආදරය දැඩිව බොහෝ බරවදැනුණ තැන් තිබුණා//ලස්සනයි

    ReplyDelete
  2. අපූරු ලියවිල්ලක් රන්දික...රහයි.

    ReplyDelete