මේ ලෝකෙ මේ තරම් විචිත්‍රවත් තැනක් වෙන්නේ වගේම තවත් වෙලාවකදී මේ තරම් එපාම කරපු තැනක් බවට පත්වෙන්නේ මිනිස්සු අතර තියන නොයෙක් වෙනස් කම් හින්දා. එකම පවුලක දෙන්නෙක් වුණත් එක සමාන වෙන තැන් වගේම අහසට පොළොව වගේ වෙනස් වෙන තැන් තියනවා. හරියට එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් වගේ තමා. සමානයි ඒත් වෙනස්. 2024 අවුරුද්දේ ආව A Real Pain කියන්නෙත් ඒවගේ දෙන්නෙක් ගැන කියවෙන චිත්‍රපටියක්. එක්කෙනෙකුගෙ නම ඩේවිඩ්, අනික් එක්කෙනා බෙන්ජි. මේ දෙන්නාම යුදෙව් ජාතික ඥාති සහෝදරයෝ. මෙයාලගේ ආච්චි අම්මා දෙවන ලෝක යුද්ධ කාලෙ යුරෝපයේ යුදෙව් දඩයම සිද්ධ වෙද්දී යුධ උණුසුම සැරටම දැනුණ පෝලන්තයෙන් පළා ඇවිත් නිදහස් ජීවිතයක් ලබා ගනිමින් ඇමරිකාවේ පදිංචි වුණ කෙනෙක්. ඒ ආච්චි අම්මාගෙත් පුත්තු දෙන්නාගෙ දරුවෝ තමා මේ. කාලෙකින් මුණගැහිලා නැති හින්දා මේ දෙන්නා සතියක් පෝලන්තයේ සංචාරයකට යන්න කතා කරගන්නවා. ඒ අතරේ ඒ රටේ ආච්චි අම්මා උන්නාය කියන ගෙදරත් දැකබලා ගන්නත් සැලසුම් කරනවා. ඩේවිඩ් ගේත් බෙන්ජි ගේත් සතියක පෝලන්ත සවාරිය තමා A Real Pain චිත්‍රපටියට ඇතුළත් වෙන්නේ.
Thursday, January 23, 2025
A Real Pain (2024)
Sunday, January 19, 2025
The Murder of Roger Ackroyd
1925 සැප්තැම්බර් 18 වෙනි සෙනසුරාදාව කියන්නෙ පැහැබර කාළගුණයක් තිබුණ බොහොම සාමාන්‍ය දවසක් වුණත් කිංග්ස් ඇබට් ගම්මානයට ඒක එහෙම වුණේ නෑ. හේතුව තමා ගමේ තිබුණු ප්‍රභූ නිවාස දෙකකින් එකක් වුණු, ව්‍යාපාරික රොජර් ඇක්‍රොයිඩ් මහත්මයගේ නිවසේ අධ්‍යන කාමරය ඇතුළේදි ඔහුව මරා දමා සිටියදී සොයාගෙන තිබීම. බෙල්ල පිටුපසින් එල්ල කළ තියුණු පිහි පහරකිනුයි මේ ඝාතනය සිද්ද කර තිබුණේ. කලින් දා රෑ, ඒ කියන්නෙ 17 සිකුරාදා රාත්‍රි ආහාරය වෙලාවෙදියි බොහො දෙනා ඔහු ජීවතුන් අතර ඉන්නා බවට අවසාන වශයෙන් දැක තිබුණේ. නමුත් එදා රාත්‍රියේ ඔහු තමන්ගේ අධ්‍යන කාමරය ඇතුළේ කවුරුන් හෝ කෙනෙකු එක්ක ලොකු සංවාදෙක යෙදී උන්නු බව ඒ ගෙදර අයට ඇහිලා තිබුණා. රාත්‍රී ආහාරය වෙලාවෙදි ගෙදර අය සහ රොජර් මහත්මයාගෙ ලඟම හිතවතෙක් වුණ වෛද්‍ය ෂෙපර්ඩ් හැර පිටස්තර කිසි කෙනෙකු ඒ ගෙදර උන්නේ නැහැ. රාත්‍රී ආහාරය නිමා වෙලා වැඩි කාලයක් යන්න මත්තෙන් ෂෙපර්ඩ් ආපහු තමන්ගේ නිවසට එනවා. රොජර් මරා දමා ඇති බවට මුල්ම ඇමතුම ලැබෙන්නේ සිකුරාදා රාත්‍රියේ වෛද්‍ය ෂෙපර්ඩ් ගේ නිවසටමයි. ඒ සැනින් ආපහු රොජර් ගේ නිවසට යන ෂෙපර්ඩ් දැනගන්නව ඒ ගෙදර කිසි කෙනෙක් තමන්ට දුරකථන ඇමතුමක් දීලා නැති බව. නමුත් ඇමතුමෙන් කිව්ව දේ සත්‍යක්! රොජර් මහත්මයාව තමන්ගේ අධ්‍යන කාමරයේදී පිහියකින් ඇනලා මරා දමලා! ඝාතකයෙකු ගැන කිසිම සලකුණක් පොලීසියටවත් සොයාගන්න බැහැ. ඔවුන් සැක කරන්නේ නිවසේ ප්‍රධාන ගෘහ සේවක පාකර් ව. ගමේම නවාතැනක නැවතුම්ගෙන හිටිය රැල්ෆ් නම් රොජර් ගේ ඥාති පුත්‍රයාත් ආගිය අතක් සොයාගන්න බැරි විදිහට නවාතැන හැර ගිහිල්ලා. ඔය අතර සුප්‍රසිද්ධ බෙල්ජියානු ජාතික රහස් පරීක්ෂක හර්කියුලිස් පොයිරොට් නිවාඩුවක් ගත කරන්න මේ කිංග්ස් ඇබට් ගම්මානයට ඇවිත් ඇති බව දැනගන්න රොජර් ගේ ඥාති දියණියක් වුණු ෆ්ලෝරා ඇක්‍රොයිඩ් වෛද්‍ය ෂෙපර්ඩ් ගේ උදව්වෙන් මේ අභිරහස විසදීම ඔහුට බාර කරනවා. අපරාධවල සුල මුල සොයා යෑමේ සියුම් බුද්ධියක් ඇති බවට ප්‍රකට හර්කියුලීස් පොයිරොට් ට රොජර් ඇක්‍රොයිඩ් ගේ ඝාතකයාව කොටුකරගන්න ලැබේවි ද?