Friday, April 6, 2018

මේ දැන්


කැමැත්තෙන් එතුන කරවිල වැල
මිහිරිතම හාදු තවරද්දි කොපුල මත
කිසිම දවසක ඇහුවද කොහොඹ ගස
"ඔබ ඇත්තටම ආදරෙද මට? "

උදෑසන සීත පහසට
තණපියල්ලට තුරුළුවී හිඳ
ඉර ඇවිත් කකුලෙන් අදින කොට
"තව ටිකක් ඉන්න තිබුණ නම්"
හිතුනේ නැද්ද පිනි බිඳකට

ළපැත්තට හිස තියා විල උඩ
වැතිරී ඉන්න නෙළුම් පත යට
විල්දියට මුහුවුණ කඳුලක් 
දුටු කෙනෙක් ඉන්නෙ කොතැනද? 

ගිරි මුදුන උරහිස් අග
වැහි වළාකුළ ගිමන් අරින කොට
"මේ දැන්" මිස තව නමක්
තියනවද ප්‍රේමයට වුව.

2017/ 04 /06





12 comments:

  1. අපිට ආදරේ කියාගන්න බැරි අවස්ථා එනවා. ඒ වෙලාවට ක්‍රියාවෙන් තමයි ආදරේ පෙන්නන්න වෙන්නේ. කරවිල වැලත් එහෙම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන්න තියන දෙයක් නොවේ මම හිතන්නෙ... ආදරය කරන්න පමණයි තියනේනෙ...

      Delete
  2. මේ කවිවල කදිම බව ඔබ සතු අසාමාන්‍ය රූපක භාවිතය නිසා දහස් ගුණයක් වැඩි වෙනවා]

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එ් අගය කිරීමට!!!

      Delete
  3. ඒක හරි හීතල කවියක් අප්පා <3

    ReplyDelete
    Replies
    1. හීතලත් තියෙන්න ඔ්න නෙ යන්තමින් හරි :)

      Delete