Friday, June 22, 2018

රන් මුදුව


පෙන්වයි ඔබ මට
මනරම් දසුන් මග දෙපස
සිළිටි අත දිගු කර
අතැඟිල්ලේ 
රන් මුදුව පෙනෙන ලෙස...

අප අසල
එකලාව නැගී සිටි
තුගු විසල් තුරක
එතී ඇත ලියවැලක්
කටුක තුරු බඳ වැළඳ ...

ඔබේ සියුමැලි 
අතැඟිල්ල සිර කළ
ඒ රන් මුදුව නොබලාම
විඳගනිමි මම
ලියවැල පුරා පිපුණ 
මිහිරි මල් සුවඳ..





2 comments:

  1. අකමැති දේ අයින් කරලා කැමති දේ ලන් කර ගත්තම හරි.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ සීමාව වටහාගත්තම හරි නේ :)

      Delete