Friday, November 2, 2018

The assassination of Jess James by the cowerd Robert Ford (2007)


අපි හරි කැමතියි අපිව හරි විශේෂ අය විදිහට හඳුනාගන්නවට . ඕනෑම තැනක දි අනිත් අය අතරෙ තමන් හරි සුවිශේෂී කෙනෙක් කියල කැපිල පේනවට. අනිත් අය අපි ගැන කතා කරනවට. ෆේස් බුක් වගේ සමාජ ජාලා මාධ්‍ය වල, ඉන් පිටත සමාජයෙ මේ කාරණය දකින්න පුලුවන්. ඕනෑම විෂයය ක්ශේත්‍රයක් ගැන කාලයක් තිස්සේ නියැලී ඉඳීමෙන් ලබාගත්ත අත්දැකීම් , දැනුම, විශේෂ ප්‍රාගුණ්‍යය එක්ක මතු වෙන පුරෝගාමී චරිත අපි දකිනව සහ ඒ අය වටා ඒ සුවිශේෂීතාවයන් තමාට ආසක්ත කරගන්න උත්සාහ කරන පරිවාර පිරිසක් ගොඩනැගෙනව. අර පුද්ගලයා ඇසුරු කිරීමෙන් තමන් හරි වැදගත් කෙනෙක් විදිහට හඳුනානිවි කියල මේ අය හිතනව. මේ විදිහට තමන් හරි "පොරක්" කියල හිතාගැනීමෙ මානසිකත්වය අඩු වැඩි වශයෙන් අපි හැමෝම තුළ තියනව. Assassination of Jess James චිත්‍රපටයෙ මූලික සිද්ධි මාලාව ඇතුලෙ දකින්න ලැබෙන්නෙ මේ වගේ තත්ත්වයක් තමා.

Jess James (Brad Pitt) කියන්නෙ 1880 යුගයේ ඇමරිකාවෙ ජීවත්වුණ එක්තරා නමගිය අපරාධ කාරයෙක්. අපරාධ කාරයෙක් වුණත් පොදු සමාජය ඇතුලෙ ඔහු රොබින් හුඩ් වගේ වීරයෙක් විදිහටයි සැලකෙන්නෙ. Jess James ගැන කතා පොත් ලියැවෙනව, කවි සින්දු හැදෙනව, ඔහුගෙ රැස් වළල්ල අපරාධ ලෝකයෙත් ඉන් පිටත සමාජයෙත් විහිදිලා යනව. Bob (Casey Affleck) කියන්නෙ Jess ගේ ඥාති වෙන එක්තරා ළාබාල තරුණයෙක්. Bob ගේ විනෝදාංශය තමා Jess ගැන කරුණු එකතු කිරීම. සරලව කිව්වොත් Bob කියන්නෙ Jess ව අදහන්නෙක්. Jess ළඟ ඉඳීම Jess ගේ වැඩට උදව් වීම Bob ට නම් ලොකු වීරකමක්. මේ විදිහට Jess වගේ සමාජයේ කතා බහට ලක්වෙන කැපී පෙනෙන චරිතයක් වෙන්න, තද පොරක් වෙන්න තද බල උණක් Bob ට වැළඳෙනව. ඉතින් මේක කොතනින් කෙළවර වේවි ද..

The assassination of Jess James චිත්‍රපටය ආසාවෙන් බලන්න එක හේතුවක් වුණේ කැමතිම පිරිසක් රඟපෑමෙන් දායකවී තිබීම. (Brad Pitt, Casey Affleck, Sam Rockwell, Jeremy Renner) ..මේ හැම චරිතයක්ම විශේෂයෙන් Sam Rockwell බොහොම ආකර්ශනීය රංගනයක යෙදෙනව. ඒ වගේම බොහොම සිත්ගන්නාසුලු පසුතල මේ චිත්‍රපටයෙ යොදාගෙන තිබෙනව. ආරම්භයෙත්, අවසානයෙත්, අතරමැද අවස්ථා කීපයකත් Narrator කෙනෙක් කතාව කියන ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම කතාව ඇතුලෙ තව අරුත් මතුකරන විදිහට යොදාගෙන තිබුණ විශේෂයෙන් අවසානෙ. අපරාධ ලෝකය මුල්කරගෙන නිර්මාණය වුණත් චිත්‍රපටයෙ ක්‍රියාදාම ස්වරූපයකට වඩා දකින්න ලැබෙන්න නාට්‍යමය ස්වරූපයක්. ඒ නිසා හුදු ගහමරා ගැනීම් වලට වඩා ටිකක් ගැඹුරට යන කතාවක් තමා මෙතනදි දකින්න පුලුවන්.12 years a slave, Dijango Unchaind, Mudbound, Lincoln, The Raven වගේ 19 වෙනි සියවසේ ඇමරිකාව පසුබිම් කරගෙන හැදුනු චිත්‍රපට බලන්න කැමති අය මේකට ඉතාම ප්‍රිය කරාවි.






3 comments:

  1. රන්දික ඔය පරණ චිත්‍රපට වල හොද පිටපත් තියෙන බ්ලොග් වෙබ් අඩවි තියෙනවද . ඔබේ ලියැවිලි හින්ද චිත්‍රපට බලන ආසාව තවත් වැඩිවෙනවා . ඒත් වැඩත් එක්ක වැඩිම වුණොත් සතියකට 2 ක් තමයි බලන්න වෙන්නෙ .පුළුවන් නම් මේ චිත්‍රපට 2 කත් බලන්න . ඔබ කැමති වේවි . Salmon Fishing in the Yemen , Some Birds Can't Fly

    ReplyDelete
    Replies
    1. https://www.lifewire.com/top-torrent-sites-alternatives-to-kat-2483512

      Delete
    2. ඔතන තියනව චිත්රපටි බාගතකරගන්න පුලුවන් හොද අඩවි කීපයක්... මම ගන්නෙ ඔතනින් බලල තමයි...Some Birds Can't Fly බැලුව ඉතාම සංවේදී නිර්මාණයක්... අනික් ඒක බලා නෑ බලන්නම් .. බොහම ඉස්තූතියි!

      Delete