Thursday, January 31, 2019

ප්‍රේමයේ හැඩතල


එකිනෙකට බොහො දුරින්
පිහිටි ලක්ෂ්‍යයන් දෙකක්
සරල රේඛාවකින් යාකර
සරලවම නිමවෙද
ප්‍රේමාන්දර..


නොකල් වැහි අතරේ
කටුක සීතල සුළඟේ
සීසීකඩව විසිරුණ
කෝණික අහුමුළු අවුස්සා
අඳුරු තනි තිත් යා වුණ
ත්‍රිකෝණික හැඩයන් ය
අප අසා තිබු
බොහොමයක් අන්දර...



එසේත් නොමැති නම්
සිව්දිගින් සිව්කොන් හමුවුණ
ආයත චතුරස්‍රාකාරය
දීර්ඝ ඍජුකෝණාස්‍රාකාරය...



ඒ වුවද
නිශ්චල ලක්ෂ්‍යයක් වටා
නිතරම එක්තරා සමදුරකින් 
භ්‍රමණය වන
වෘත්තාකාර වෘතාන්ත ලෙස
නියත ව 
හුදකලාවී පවතී
සමහර ප්‍රේමාන්දර..






2 comments:

  1. ජ්‍යාමිතිය , ගණිතය සහ ප්‍රේමය වෙනස් විෂයන් රැසක් කැටි කරලා තියෙන විදිහ අපුරුයි . රන්දික කවි පොතක් ගහන්න කාලෙ හරි වගේ ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.... කවි පොතක් ගැන නම් අදහසක් නෑ :)

      Delete