Saturday, May 29, 2021
Nostalgia (1983)
Friday, May 28, 2021
මහ වැසි අවසන
Tuesday, May 25, 2021
Awe (2018)
රෝස මලකට "රෝස මලක්" වෙන්න නම් අවශ්‍ය කරන්නෙ මොනවද? මූලිකවම පැහැයෙන් එක සමාන නමුත් හැඩයෙන් එකිනෙකට වෙනස්, එකිනෙකට අනන්‍ය පෙති සමූහයක් බව ඔබ කියාවි. එහි වරදක් නැහැ. නමුත් මේ එකිනෙකට වෙනස් පෙති ගණනාවක් එක්ව පවතින මොහොතේ එය නම් ලබන්නේ තනි මලක් විදිහට මිස පෙති සමූහයක් විදිහට නොවෙයි. මේ විශ්වයේ බොහෝ දේ එහෙමයි. එනම් කොටස් වලට තවදුරටත් වෙන් කල හැකි සංඝටක සමූහයක් ඒකරාශි වීමෙන් අපිට දකින්නට ලැබෙන සියලුම දේ වගේ නිර්මාණය වෙන්නෙ. මිනිස් ජීවිතය දිහා අපි හැරිල බැලුවොත් මිනිස් ශරීරයක්, පද්ධති, පටක, ඉන්ද්රිය, සෛල දක්වාම කොටස් වලට වෙන්ව නමුත් එක් ශරීරයක් විදිහට ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන කාරණාව ගැන සාමාන්‍ය අවබෝධයක් අපි හැමකෙනෙකුටම තියනව. භෞතික ශරීරයෙන් එහා මිනිස් මනස දිහා අවධානය යොමු කලොත් අපි නිර්මිත වෙලා තියෙන්නෙ එකිනෙකට වෙනස් මානසිකත්ව සිය දහස්ගණනකින් බව වටහාගන්න පුලුවන්. මේ පුද්ගල ස්වභාවයන්, අපි කැමති අකැමැති දේවල්, ගැටලුකට අපි මුහුණදෙන ආකාරය, අපේ ලිංගික නම්‍යතාවන් මේ සියලු දේ තීරණය වෙන්න කුඩා වයසේ පටන් අපි ලබන ජීවිත අත්දැකීම් සහ පවුල, සමාජය වගේ බාහිර සාධත් සෑහෙන බලපෑමක් කරනව. හිතන්න කෙනෙක් කුඩා කාලයෙ පටන් ලබන අත්දැකීමක් ඒ තරම් ප්‍රියජනක ඒවා නොවෙයි නම්. ජීවිතේ කෙනෙකුට ලැබිය යුතු ආදරය අහිමි වුණු කෙනෙක් නම්, ඒ ලබන අමිහිරි අත්දැකීම් නිසා ඒ පුද්ගලය අවසානෙ නතර වෙන්න පුලුවන් කොයි වගේ තැනකද..?
Monday, May 24, 2021
Nayattu (2021)
දේශපාලකයින් තමන්ගේ බලපැවැත්ම වෙනුවෙන් පොලීසිය පාවිච්චිකරන්නෙ කොහොමද කියන දෙය ගැන නියම උදාහරණ ටිකක් මේ දවස් වල බලාගන්න පුලුවන්. අත්අඩංගුවේ ඉන්න සමහර සැකකරුවන් සැඟවූ ආයුධ පෙන්වන්න පොලීසිය විසින්ම එක්ක යනව. ඒ අතරෙ පලායන්න උත්සාහ කරන නිරායුධ සැකකරු පොලිස් වෙඩි පහරින් ඒ මොහොතේ මියයනව. ඒ එක්කම අදාල සැකකරු ගැන ඉතිහාසය එතනින් අවසන් වෙනව. යම් අවනීතික අතීතයක් ගැන සාක්ෂිදරන ඕනෑම කෙනෙක් සදාතනිකව නිහඬ කරවන්න මීට වඩා සාර්ථක තව ක්‍රමයක් තියනවද? ඒ හැම දෙයකින්ම අවසානයෙ වාසි සැලසෙන්නෙ කාටද? මේ හැම කෙනෙකුම අවසානෙ යම් ලොකු දේශපාලන ගේම් එකක ඉත්තන් බවත් මේ සිදුවෙන්නෙ යම් බිහිවුණු අපරාධයක සුලමුල සඟවන "පිරිපහදු කිරීමේ ක්‍රියාවලියක්" බවත් වටහ ගන්න අමාරු නැහැ. නමුත් රටේ ඉන්න බහුතරය මේ ඝාතන දිහා බලන්නෙ ඒ කෝණයෙන් නොවෙයි. ඔවුන්ගේ තර්කනය එතනදි ක්‍රියාත්මක වෙන්නෙ මේ ඝාතන සාධාරණීකරනය කරමින්. ඒක වෙනම කතාවක්. කොහොම වුණත් සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුගෙ පැත්තෙන් බැලුවොත් ඔහුත් අර අදෘශ්‍යමාන දේශපාලන රූකඩ නැටවීමේ ක්‍රියාවලිය යටතෙයි ඉන්නෙ. දේශපාලන හස්තය විසින් නූල අදින අතටයි පොලිස් තුවක්කුවේ කොකාගැස්සෙන්නෙ. නමුත් දෛවෝපගත විදිහට මේ අන්ත දෙක එකිනෙක මාරුවුණොත් කොහොම වේවිද. එනම් තුවක්කුව දරා ඉන්න පොලිස් නිලධාරියාගෙ හිස මතටම තුවක්කු කට යොමුවුණොත්. සමාජව දඩයම් කරු බවට පත්වෙලා පොලීසිය ගොදුර වුණොත්. 2021 නවතම මලයාලම් චිත්‍රපටය Nayattu තුළින් දකින්න ලැබෙන්නෙ එවැනි කතාවක්.
Saturday, May 15, 2021
Malcolm and Marie (2021)
ආදරය ගැන මොනතරම් නිර්වචන දෙන්න අපි උත්සාහ කලත් ඒ හැම එකකම අවසානෙ ඉතිරි වෙනව අසම්පූර්ණකමක්, වචනයෙන් තවදුරටත් පැහැදිලි කරගන්න බැරි යමක්. එහෙම වෙන්න හේතුව මම හිතනව ආදරය කියන්නෙ ජීවිතයෙන් වෙන් කරල අරගෙන වෙනම කතාකරන්න පුලුවන් මාතෘකාවක් නොවෙන නිසා කියල. කෙනෙකුගෙ වයස, අත්දැකීම්, ජීවිත දැක්ම මේවගෙ කාරණා එක්ක ආදරය ගැන එක් එක් අයට තියන කියවා ගැනිම වෙනස් එකක් බවට පත්වෙනව. අනිත් කාරණාව ඉවසීම, ආවේගය, කෘතවේදීත්වය, බලාපොරොත්තු සහගතවීම ආදී දහස් ගණනක් මිනිස් ගුණාංගයන් එක්ක ආදරය අවියෝජනීයව බැඳිල තියන නිසා අපිට මෙන්න මේ ස්වභාවයන් හරහායි ආදරය අත්දකින්නට ලැබෙන්නෙ. නමුත් මේ ආදරය අභියෝගයට ලක්වෙන්නෙ එය සම්බන්ධයක් බවට පත්වෙන තැනදි. මොකද අපි අනික් මනුෂ්‍යයා සමග සම්බන්ධ වෙන්නෙ ඔවුන්ට පරිබාහිරව. කෙනෙකුගෙ අභ්‍යන්තරය මුළුමනින්ම කොයිවගේද කියන්න තවත් කෙනෙකුට කිසිදාක අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා තවත් කෙනෙකු වෙනුවෙන් අපේ ජීවිතේ ඉඩක් වෙන් කරදීම ඇතුළෙ අපි සෑහෙන ලොකු අවදානමක් ගන්නව. මොකද අපි තුළට පිවිසෙන්න කෙනෙකුට ඉඩ ලබාදීම මගින් අපි ගැන ඔවුන්ට විශාල බලයක් ලබා දෙනව. අපිව විනාශ කර දමන්නට වුණත් හැකියාවක් තිබෙන බලයක්. මේ නිසා මිනිස්සු එකිනෙකා මුණගැහෙන වෙරළේදි ඔවුන් තුළ එකිනෙකා වෙනුවෙන් තිබෙන ආදරය නිතරම පරික්ෂාවට ලක්වෙනව. Malcolm and Marie චිත්‍රපටයෙන් අපි හමුවට එන මැල්කම් සහ මරී ගේ වගේම ආදරයෙන් බැඳෙන සෑම යුවළක් ම මේ පරික්ෂාව හරහා ගමන් කල යුතුමයි.
Thursday, May 6, 2021
මෙරු
Monday, May 3, 2021
මොකක්ද මේ Cognitive bias?
මොකක්ද මේ Cognitive bias නැත්නම් චින්තනමය නැඹුරුවක් කියල කියන්නෙ?
Saturday, May 1, 2021
The Father (2020)
ගහක පත්‍රයක් කියන්නෙ හරි අපූරුවට මනුස්ස ජීවිතය එක්ක සමපාත කරන්න පුලුවන් දෙයකට. හටගැන්ම, වැඩී වර්ධනය වීම සහ අවසානයෙ ගිලිහීයාම කියන පැවැත්මේ අනිවාර්ය ජීවන චක්‍රය මිනිස් ජීවිතයට වගේම ගසක පත්‍රයකටත් බලපාන්නේ එකහා සමානවමයි. ඒ වගේම පත්රයකට නියමාකාරයෙන් පවතින්න බාහිර සාධක කිහිපයක් අවශ්‍යයි. සූර්යාලෝකය, ජලය මේ වගේ දේවල්. මේ සාධක ප්‍රමාණවත්ව නොලැබෙන තැන පත්රයකට පැවැත්මක් නැහැ. ඒ වගේම තවත් කාරණයක් තියනව. මේ පත්‍ර නිතර පරිසරයෙ සිදුවෙන ඍතු විපර්යාසයන්ට තදින්ම සංවේදීතාවක් දක්වනව. හිරු රැස් තදින් වැටෙන ගිම්හානයෙ කටුක බව නැත්නම් හිම පියලි ඇද හැලෙන සිසිරයෙ දරාගත නොහැකි ශීත හමුවේ පත්රයකට පවතින්න අපහසු තත්ත්වයක් උදාවෙනව. සමබර සූර්යාලෝකයත් වැස්සත් අරගෙන එන වසන්තය ගසකට වගේම පත්‍රයකටත් ජීවය උතුරා යන කාලයක් වෙනව. නමුත් වසන්තය හැමදාම තියෙන්නෙත් නෑ. දුෂ්කර වගේම සුවබර කාල පරිච්ඡේද පසු කරද්දි පත්‍රයක් විකසිත වෙමින් නැත්නම් ගිලිහිය යුතු තැන ගිලිහෙමින් පැවැත්මේදි පසුකරයාමට සිදුවෙන මේ ධර්මතාවන්ට අනුකූලව හැඩගැසිය යුතු වෙනව.