Thursday, September 29, 2022

හදවත් සාක්කුව

තියනවා හරි අපූරු සාක්කුවක්
මගේ හදවතේ මැද..
හොඳම ඒවා යි මට හිතුණු
මතකයන් ගෙන් පිරී ඇති...

මිතුරන් මගෙ හොඳම
කියනා දේ සතුට ගෙන එන
සාක්කුවට දමා ගන්නවා මම..
තබා ගත හැකියි ඉතින් මට
නිතර ඒවා මා සතුව..

දුකක් දැනුණොත් දවසක
මේ අද මට දැනුණා වගේම
විවර කර බලනවා මගෙ සාක්කුව..
ඈතට යනවා එතකොට
දුක මගෙන් බොහෝම..

සාක්කුව ඉවර වෙන්නෑ කිසි දවසක..
පිරුණත් සමහර විටෙක
මතකයන්ගෙන් උතුරා පිටාර යන
ඉඩ හැදෙනවා සාක්කුවේ තව තව..

සමහර විට
හැකිවුණොත් දවසක ඔබට
වැළඳගන්නට මාව
දැනේවි ඔබටත් මට වාගෙම
සාක්කුව පිරී තිබෙනා සැහැල්ලුව...
.
.
.
Jessy Humann විසින් රචිත Heart Pocket  නම් පැදිය ඇසුරෙන්



No comments:

Post a Comment