Thursday, November 2, 2017

දිය මත රුව


මගියෙක් ය
මෙගොඩින් දියට වන්
ඔරුව පිට.  

දකියි ඔහු
ගඟ දියේ
හබල් පහරට
කැබලි කැබලිව
බිඳී විසිරෙන
තමන් රුව

සිහින් සිනහවක්
මතුව ඒ
මුව අග.





10 comments:

  1. හබල් පහරට කැබලිව
    පේලියට දුවයි
    ජලතල තරංග..
    කිතිකවයි අසබඩ
    දියමත පාවෙන
    නෙලුම් කොළ !

    ReplyDelete
    Replies
    1. සසල වෙද්දී නොළුම් කොළ
      නිසල ඇයි අර නෙළුම් මල

      Delete
    2. සැමදෙන බලන්නේ
      - නෙලුම් මල
      හුස්ම ගන්නට ඉන්නේ
      - නෙලුම් කොළ

      Delete
    3. නොදැනුණත් සුවද
      මලක හැඩරුව විද
      හිස තියා ඉසියුම්
      නෙළුම් පත මත
      දියබින්දුවක් දිලිහුණා
      නෙළුම මත නොඇලුණ

      Delete
  2. මම මේ මතක් කර කර හිටියේ තුමිදු දොඩම්තැන්න මම දැකපු පලවෙනි නාට්‍යය් නම
    ඒක

    දිය මත රුව

    ReplyDelete
    Replies
    1. Thriller ගණයට අයිති ටෙලි නාට්යක් කාලකෙට කලින් බැලුව මතකයි.....

      Delete