මෙතෙක් අප ආ මාවතේ
ඉදිරි මීටර සියය තුළ
හමුවන වැළමිට වංගුවෙන්
හැරී වෙන්වීමට නියමිතය නුඹ.
ඉන්පසුව මට උරුම
නගරබද මාවතේ
ඇවිදයාමට සිදුවනු ඇත මට.
නොයෙක ගම් දනව්
වන උයන් කෙත් වතු
ගංගා ඇළ දොළ
පසුකරනු ඇත මම.
ඉක්බිති
බොහෝ දුර ඇවිද
විඩාවෙන් විඩාපත් වූ මොහොතක
එක්තරා නම නොදන්නා වීදියක
නැතිනම් අවන්හලක දුම්රියපළක
මහා සෙනඟක් මධ්‍යයේ
අහම්බෙන් හමුවීමට නියමිතය
යළි වරක්
අප දෙදෙන
අහඹු ලෙස
ReplyDeleteවෙන්වී
නියම කරගත් පරිදි
හමුවීම
නම නොදන්නා වීදියේ
නොදන්නා කමය !
වෙන්වීම සහ
Deleteයළිත් හමුවීම පමණක්
නියතයක් බව දනිමි....
++++++
ReplyDeleteස්තූතියි!!
Deleteඅහම්බෙන් හමුවීමට නියමිතය
ReplyDeleteයළි වරක්
අප දෙදෙන
එවැනි අහම්බයන් නිතර සිදුවිය යුතුය!!
Deleteඑවිට මට තරයේ
ReplyDeleteවැළඳ ගන්නට
හැකි වේද නුඹ?
ජයවේවා!!!
කාලයද අන් සියලු දේ
Deleteනතර වේවි මොහොතකට!
ස්තූතියි!!