Friday, December 21, 2018

.................


උදේ සිට මුළු දවස
නොනවතී රළ නගන 
විඩාපත් කළපු දිය තුළ
දියව යයි සඳ එළිය..

කොහේදෝ මල් උයනක
සුවඳ සිහි කර කර
කඳු අතර තැනිතලා බිමක
නතරවේ මඳ සුළඟ...

එතෙර කළ නිම වූ පසුව 
අවසාන මගියා ද
තොටුපළක උරහිස මත
සීරුවට හිස තබයි ඔරුව






3 comments:

  1. නොනැවතී නැගුණු රළ නතරවන තැනක් වෙද
    හැමූ මඳ සුළං පොද ගිමන්ලන තැනක් වෙද
    ගං දෑල යා කෙරූ ඔරුව ගිම් නිවන්නෙද
    නොනැනවතී දුවන සිත ඉසිඹුලන්නේ කොයිද

    ReplyDelete
  2. පහුගිය දවස්වල පුස්තකාලයෙන් චිත්‍රපට ගොඩක් ගෙනාවා . ටික ටික බලනවා . ඒ අතරේ හිතුනා මේ චිත්‍රපට 3 ගැන ඔබට ලියන්න. වෙනස් කථා 3 ක් ඉඩක් ලැබුණොත් බලල ඔබේ සටහන් ලියන්න . ඔබේ ලියමන් චිත්‍රපට දිහා වෙනත් ඇහැකින් බලන්න උත්ප්‍රේරකයක් . The Curious Case of Benjamin Button,Testament of Youth,Like Crazy(Italian)

    ReplyDelete