Friday, September 1, 2017

තවත් රළක්.


සිප්පි කටුවක්
ගනියි හුස්මක්
තවත් රළක්.





30 comments:

  1. බේරිල්ලක් නෑ ඉතිං

    ReplyDelete
    Replies
    1. හුස්මක පරතරය පමණයි....

      Delete
  2. නහවයි මොහොතක්....

    ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....ජය!!!

      Delete
  3. ලුණු කැවුණු වතුරක්
    ගැම්මක් ගනී තව වරක්...

    වෙරළක්
    වෙරළ'ත දුරින් සිප්පියක්!

    ReplyDelete
    Replies
    1. ලුණු රසැති සයුරක්
      ගිමන් නිවනා අතරක
      සිප්පි කටුවටත්
      ලැබේ ඉඩක්...

      Delete
    2. තාරකා මාලුවෙක්
      එබෙයි රළ'තින්
      දැක්මට සිප්පි කටුවක්?

      Delete
    3. රිදුන තැන්
      පිරිමදියි
      නිහඩ වෙරළක්......

      Delete
  4. මොනවද බං මේ? නිර්මාණද? කවිද? බ්ලොග් පෝස්ට් ද? මොන මගුලක්ද?

    හයයි උදේ
    වෙලාව
    චාජ් වෙයි මට
    බොකක්
    නැගිටිම්ද නොනැගිටිම්ද
    මම
    ඉරිදා උදේ පමණයි
    නිදාගන්නට ඇත්තේ
    මට
    මේ කාලකණ්ණි බොක
    එයත් නැති කරනවා
    අද
    කරන්නට බෑ මෙය
    තදකරගෙනම බොක
    නිදිය ගන්නවා
    මම

    මෙහෙම මගුලක් දැම්මොත් මගේ බ්ලොග් එකේ ඒකටත් ඔය උඩ ඉන්න අය ඇවිත් "ලස්සනයි" කියල කමෙන්ට් කරයිද?

    නොදකින් බං

    (අවංක කමෙන්ට් එක දැම්මේ. බුකියේ සංස්කෘතිය එහෙමයි. හොඳ දේට හොඳයි කියනවා නරක දේට නරකයි කීයනවා. බ්ලොග් වලත් අවංක අදහස් දැම්මට අවුලක් නෑනෙ?)

    ReplyDelete
    Replies
    1. නෑනේ.. මම ලස්සනයි නම් කියන එකක් නැහැ... ඒ උනාට කන්ස්ට්‍රක්ටිව් දෙයක් මිසක් නෙගටිවේ කමෙන්ට් එකක් දාන එකක් නැහැ

      Delete
    2. කන්ස්ට්‍රක්ටිව් කමෙන්ට් එකක් වුනත් විවේචනාත්මක නම් නෙගටිව් තමා.

      Delete
    3. විවේචනයක් උනත් කරන්න පුළුවන් විධි ගොඩයි. ඔබ ඒ ගැන හරිහැටි නොදන්නවා වෙන්න පුළුවන්. මටත් සියල්ල කියන්න තරම් දැනුමක් නැහැ. නමුත් විවේචනයකදී පුළුවන් සාධාරණ විධියට දක්වන්න සහ නිර්ධය විදියට පහත් කොට ලියන්න. මම නෙගටිව් කියා අදහස් කලේ ඔබේ මුල් කොමෙන්ටුව වගේ.

      එයත් හරියට දෙමළ නොදන්නා අයෙකු විසින් දෙමළ ගීතයක පදරචනය ගැන කතාකරනවා වගෙයි.

      කවියක් කියන්නේ හිතුවිල්ලක බීජයක් මිසක් කතාවක වගේ සවිස්තරයක් නෙවෙයි. එතැනදී බුහුටි යෙදුම් වලින් සක්ෂිප්තව දක්වන්න තියෙන හැකියාව සහ භාෂා ව්‍යවහාරය කියන්නේ ලොකුම ශක්තිය. ලොකු කතාවක් පේලියකින් ලියන්න පුළුවන්. එය 'මල් පිපෙයි- පිට කසයි' වගේ දෙයක් නොවෙයි. ගණිතමය හැකියාව කියන්නෙත් ඒ වගේ දෙයක්. එය නොවැටහීම නිගාවට කරුණක් නෙවෙයි.

      මේ කවියේ ඇති සියුම් දේ ඔබට හසුවී නැතිවීම ගැන පුදුමයක් නැහැ. එයට දොසක් කියන්න බැහැ.

      Delete
    4. Jamis Banda - ස්තූතියි අවංක අදහසට....මේක විකාරයක් තේරුමක් නැති දෙයක් විදිහට පේනවනම් ඒක උඹේ වරදක් නොවෙයි...මොකද රස විදිීම කියන එක සහමුලින්ම පුද්ගලබද්ධ කාරණාවක් නිසා....කවියක් රසවිදින්න එක්තරා විදහක පුහුණුවක් අවශ්‍යයි..ඒක යම් කාලයක් කවිය ආශ්රය කරද්දි ඇතිවන දෙයක්....කොහොමත් උඹේ උදාහරණයෙන් පෙන්නල තියනව වගේ කවිය තාර්කිකව අල්ලගන්න බෑ..ඒකෙ කියන්න තියන දෙයක් කෙළින්ම කියල දාලා තියනව මිස වෙන යමක් නෑ...කවිය අල්ලාගන්න ඕන පරිකල්පනයෙන්... යටින් Anonymous ගේ උදාහරණෙන් පෙන්නා දීල තියනව වගේ ඒකෙන් විවිධා කාර පරිකල්පන මානයන්ට යන්න පුළුවන්...කවිය කියන්නෙ ඒ වගේ වෙනත් තැනකට අපිව ගෙනයන ඉගිකාරකයක් මිස දේවල් තර්කානුකූලව ගොඩනගල කෙලින්ම කියන එක නොවෙයි....

      Delete
    5. ලිඛිතා...නිවැරදියි කවිය තේරුනේ නෑ කියල දොසක් කියන්න බෑ....හැමෝගෙම කියවීම එක සමාන නෑ ...උඩ කමෙන්ට් එකෙන් මම කිව්වෙ ඒ කාරණාව තමා...තාර්කිකව හිතල මේක වටහ ගන්න බෑ...අනිත් එක කන්ස්ට්රක්ටිව් විවේචනයක් කියල මම හිතන්නෙ වැරැද්දක් තියනවනම් ඒක පෙන්නල දීමත් ඒ වරද මගහරවගන්නෙ කොහොමද කියල පැහැදිලි කිරීමත්....ඒක බොහොම සත්භාවයෙන් සිදුවෙන්න ඕන..මෙතන එහෙම කන්ස්ට්රක්ටිව් යමක් තියනව කියල මට පේන්නෙ නෑ....

      Delete
    6. ආ ඒක කවියක්ද? හරි මචන්.

      Delete
    7. කන්ස්ට්රක්ටිව් විවේචනයක් කියන්නේ පිටකැහිල්ලක් නෙවෙයි. එක්තරා ආකාරයක විවේචනයක්. එය ප්‍රගුණ කලයුත්තක්. වඳුරෙකුට නම් - දැලි පිහියක්

      Delete
  5. එය තමා කවිය....
    පද හයක් තුල
    මහමෙරක්
    ගලපන්න හැකිනම්
    එය තමා කවිය....

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේකෙ තියෙන මහමෙර? මට පේන්නේ උඹල ඔක්කොම බ්ලොග් පෝස්ට් වලට කමෙන්ට් දාන්නේ ලියන්නා දිරිමත් කිරීමේ අදහසින් සහ තමාගේ බ්ලොග් එකට කමෙන්ට් කරුවන් ගෙන්වා ගැනීමේ අදහසින්.

      Delete
    2. නෙගටිවේ මාකටින් ලෙස ඔබ කරනවා වගේද? හි හි හි.. මගේ නම් එවන් අදහසක් නැහැ. එහෙම අදහසක් තිබීම අපරාධයක් නොවෙයි කියලා මම හිතනවා.

      Delete
    3. To Jamis banda. Sorry I have no Sinha fonts.
      Don't get angry. Think of something like this:
      A tired person thinks:
      I went through too many miseries in life. There are definite signs of one more coming. Is there no end?

      Likhitha: Sorry I killed the subtlety. But I think this coarse translation would do for him.

      Delete
    4. Anonymous - කවිය කියන්නෙ බහු අරුත් ජනනය කරන සුලු කලාඅංගයක්. ඔබ පෙන්නා දීල තියන ආකාරයටත් මේ කවිය ග්රහනය කරන්න පුලුවන්. කියවීම කියන්නෙ අන්න ඒකයි...

      Delete
  6. කවියකට පුළුවන් ජිවිතෙකට බලාපොරොත්තුවක් දෙන්න..... හිත රිද්දලා අඩවන්න..... ඒ ඇතුලේ තියෙන්නේ තනිකරම මනෝවිද්‍යාත්මක කාරණාවක් ඒ කියන්නේ POSITIVE EMOTION ATTRACTING (PEA) & NEGATIVE EMOTION ATTRACTING (NEA) කියන සිද්ධාන්ත දෙක. මට දැනෙන විදිහට කවිත්වය කියන්නෙත් තනිකරම මනොවියාත්මක භාවයක් . ඒ නිසා කවියෙක් කියන්නේ ත් ,කාව්‍ය විචාරකයෙක් කියන්නෙත් එක්තරා මනෝවිද්‍යා උපදේශකයෙක්; උපදේශන්යේදී අපි ඉහත (PEA) & (NEA) කියන සිද්ධාන්ත දෙකම මුල් කරගෙනයි සේවාදායකයාට උපදේශනය සපයන්නේ නමුත් එක උපදේශකයාගෙන් උපදේශකයාට වෙනස්.. සමහරු ධනාත්මක බවින් ද සමහරු සෘණාත්මක බවින් ද සිය කාර්‍ය ඉෂ්ට කරනවා.
    ඒ අතරින් උක්ත කාරණාවක අවසානය මේ වගේ සංයුක්තව ප්‍රකාශ කීරීම කියන්නේ විශේෂ ප්‍රාගුණ්‍යයක් . මෙතෙක් බ්ලොග් වල මා දැක ඇති විශිෂ්ටතම සංයුක්ත කවි ලියන්නිය ලිඛිතා. ඇත්තෙන්ම ඇයගේ න් සොයාගත් පාරෙනුයි මම Traveler ව සොයා ගත්තේ. අපුරුයි ඔබේ කෙටි කවිය

    ReplyDelete
    Replies
    1. ඊස් ඇට් ඇස්ගෙඩි උලුප්පාගනිමින් 8-|

      Delete
    2. ජීවිතේ විදින දැනෙන රිදෙන තැනින් තමා කවිය උපදින්නෙ. මේ භාවයන් එක්ක ජීවිතේට මුහුණදෙනකොට කවිය නිරායාසයෙන්ම බිහිවෙනව. මේක එක අතකින් අධ්‍යාත්මික කාරණාවක්. කවිය සාවධාන කියවන්නෙකුගේ ඇතුලාන්තයෙම් ක්ෂණික ආලෝකයක් දල්වන්න සමත් වෙනව. ඒත් කියවන හැමකෙනෙකුටම මේක සමානව සිද්ධවෙනව කියන්න බෑ. ඒක තම තමන්ගේ අත්දැකීම එක්ක එන දෙයක්. නමුත් කවියක් කියවන්න විදින්න යම් පුහුණුවක් අවශ්‍යයි. විශේෂයෙන්ම කෙටි කවියෙදි. පළල් අදහසක් වචන පේලි කීපයකට ගැනීම පේන තරම් පහසු කටයුත්තක් නෙමේ. ඒ හින්දමයි ආරිවංශ රණවීර කවියා මේ කවි වලට සාරසංක්ෂිප්ත කවි කියන නම යෝජනා කරන්නෙ. කවියෙ දිග ප්රමාණය නොවෙයි තේමාව ගැන සලකල. පුද්ගලිකව මම කෙටි කවියට කැමතියි. ඒක එක්තරා විදිහකින් ඇහැට පහසුවක්. ඒත් කියවන්නා ට එතන කාර්යයක් පැවරෙනවා. ඔහු කවිය සොයා යා යුතුයි. මොකද කවියේ සාරය තියෙන්නෙ ඒ වචනටික ඇතුළෙ නෙමේ එයින් පිට. සතුටුයි කෙටි කවිය රසවිදින්නෙකු හමුවීම ගැන සහ අගය කිරීම ගැන ස්තූතියි.!

      Delete
  7. මට නම් මේ කවියේ කියන තරම් නරකක් පේන්නේ නෑ... අනික මේකේ තියෙන රැඩිකල් ගතිය මොකක්ද කියලා මට දැනීමකුත් නෑ...

    මම පෞද්ගලිකව මේ කවියට කැමතියි... මේක බරසාර කවියක් නොවුනත් මම ඒකට කැමතියි..

    සිප්පි කටුවක් එක දිගට එක දිගට එන මුදු රැලි නිසා විඩාවට පත් වෙලා ඉන්නවා... එක හුස්මක් ගන්න පමාවට තවත් රළක් එනවා...ඒ රළට පස්සේ තවත් රළක්...

    මට මේ කවිය කියන්නේ සිප්පි කටුවක් ගැන විතරක් නෙමෙයි කියලා මට දැනුනා...අපිටත් ජීවිතේදි එක ප්‍රශ්නයකින් මිදෙනකොට තව ප්‍රශ්න ගණන් කරගන්න බැරි තරමක් එන බව අමතක වෙනවා... බාගදා හොඳ හුස්මක් ගන්න ඇසිල්ලෙන් තවත් ප්‍රශ්නයක් ඇවිත් අපිව වහගන්නවා..ඒක ඉවරයක් නෑ... මුහුදු රැලි එනවා යාවා වගේ හැමදාම ප්‍රශ්න එනවා යනවා.. අපි සිප්පි කටුවක් වගේ හුස්මක් අරගෙන ජීවත් වෙන්න උත්සහ කරනවා...

    මේ මට දැනිච්ච විදිහ... තව කෙනෙක්ට තව විදිහකට දැනෙන්න පුළුවන්..."මේක මොන මගුලක්ද" කියලා නොකියවා ඉන්නත් පුළුවන්.. නැත්නම් විවේචනය කරන්නත් පුළුවන්..ඒක කියවන කෙනාගේ අයිතියක් කියලා හිතෙනවා... :)

    ReplyDelete
  8. හුස්මගන්නේ රළ ....හුස්මක් පාසා රැල්ල නැගෙනවා......සිප්පි කට්ටට කොහෙද ජීවයක්....නිකන් කට්ට විතරයි.......කාලෙකට කලින් මියැදිලා......ඒ කාලෙත් රැල්ලට අහුවුණා ....ඒත් යමකට සවි වෙලා ඉන්න පුළුවන් කම තිබුණා ......නමුත් දැන් අඩපණයි.....ඒත් අර රැල්ලටම අහුවෙනවා වරින් වර........සමාජයේ ගොඩ දෙනෙක් වගේ......විවිධාකාරයෙන් අඩපනව හිඳින ..........

    ඔහොමයි මට තේරුනේ.....

    ReplyDelete
    Replies
    1. ඔබට දැනෙන විදිහට වටහා ගැනීමයි වැදගත්....ඔව් එ්ආකාරයෙනුත් දකින්න පුලුවන් මේක............

      Delete