Wednesday, June 19, 2019

අතු ගඟ


නොඑනා බැවින් 
බොහෝ අය
නොකෙළසූ බැවින්
ඉඳ හිට ආ කිසිවෙක් ද
සෙවණින් සැදි
මං පෙත් රැඳුන..

නොබිඳුනු ඉවුරු දෑලේ
උරාගෙන සරු පස
හිඹුටු, දං, බෝවිටියා
පඳුරින් සැදුන..

සුරැකී පොළෝ ගැඹුරේ
මතුවී උල්පත් සමීපයේ
ඉමිහිරිම දිය ගලන

කොයිතරම් සිහිලයි ද
මේ පුංචි අතු ගඟ
මහා ගඟකට වැඩිය...




No comments:

Post a Comment