Tuesday, January 7, 2020

L.A Confidential (1997)

තමන්ගෙ රැකියාවම ජීවිතේ කරගත්ත මහ ආත්මාර්ථකාමියෙක් වගේ පේන මිනිහෙක් ඇතුලෙ ඉන්නව ඕන වෙලාවට උදව්වට එන හැබෑ මිත්‍රයෙක්. මිත්‍රයෙක් වගේ පේන කෙනෙක් ඇතුලෙ ඉන්නව යටින් ගේම් ගහන හතුරෙක්. නීතිය සාධාරණත්වය රකින වීරයෙක් ඇතුලෙ ඉන්නෙ මහ දුෂ්ටයෙක්. ඉක්මණ්ටම කේන්තිගන්න නාහෙට නාහට දඩබ්බරයෙක් ඇතුලෙ ඉන්නෙ ප්‍රේමවන්තයෙක්. ..මිනිස්සු කියන්නෙ එහෙම අච්චුවකින් එන අය නොවෙයි. මිනිස් සිතුවිලි ගති ස්වභාවයන් විෂමයි, අස්ථිරයි.. ඒත් කෙනෙක් හිතට එකඟව අවංකව ජීවිතය පවත්වාගෙන යන්න උත්සහ කරනව නම් සැකයක් නෑ ඔවුන්ට ඒ දේවල් වල ප්‍රතිඵල භුක්තිවිඳින්න ලැබෙනව... අවසානෙ අපි කරපු කියපු දේ ම යි අපි ගාව ඉතුරු වෙන්නෙ.

L.A Confidential (1997) චිත්‍රපටය බලලා අවසන් වුණ ගමන් ඔලුවට ආව අදහස තමා මේ. කෙනෙකෙට ඒක මීට වඩා වෙනස් විදිහට අත්දකින්න පුලුවන්. ඒත් මේක Crime/ Thriller වර්ගයෙ හොඳම සිනමාපටයක් බව වාදයක් නෑ. 

Russell Crowe සහ Cavin Spacey මං කැමතිම දෙදෙනෙක් රඟපෑම මට තවත් මේකට කැමති වෙන්න හේතුවක් වුණා කිව්වොත් හරි. විශේෂයෙන් Russell, රොමාන්තික දඩබ්බරයා ගේ චරිතය ඔහු හරි අපූරුවට නිරූපණය කරනවා. 

නොබලපු කෙනෙක් ඉන්නව නම් වහාම මේක බලන්න.










No comments:

Post a Comment