ඔයාගෙ ශරීරය ඔයාට නිතරම කතා කරනවා. ප්‍රශ්නෙ තමා මේ කටහඬ මහ මොරගැසීමක් වෙනතුරුම ඔයා ඒකට ඇහුම්කන් නොදීම. ඒවගේ ඔයා අනිවාර්යයෙන් අවධානය දෙන්න ඕන කාරණා කීපයක් සහ ඒ සම්බන්ධයෙන් ඔයා කළ යුතු දේවල් කිහිපයක් තමයි මේ තියෙන්නෙ.
- අවුරුද්දක් ඇතුළත කිහිප වතාවක්ම රෝගී වීම.
- මෙහෙම වෙන්නෙ බොහෝ දුරට ඔයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුණාම.
මේ තත්ත්වය නැති කරගෙන්න නම් හොඳ පෝෂණදායි, එළවලු, පලතුරු සහ පුලුවන් තරම් ස්වභාවික ආහාර වැඩිපුර ඇතුළත් ආහාර පුරුද්දක් ඇති කර ගැනීම, දවසම ඒකාකාරී ඉරියව්වලින් නොඉඳ පුලුවන් තරම් ව්‍යායාමයක් ශරීරයට ලබා දීම, ප්‍රමාණවත් නින්ද සහ ආතතිය අවම කර ගැනීම ඔයා කරන්න අවශ්‍යයි.
- අකලට හිසකෙස් හැලී යාම.
- බොහෝ දුරට ආතතිය, හෝමෝන අසමබරතාව, පෝෂණ ඌණතාවන් නිසා සිදුවෙන දෙයක්.
හොඳ මානසික සමබරතාවක් පවත්වගන්න, පීඩනය අවම කරගන්න. තයිරොයිඩ් පරීක්ෂාවක් කරගන්න. ශරීරයේ යකඩ සහ විටමින් ඩී ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න.
- බර අඩු කරගන්න තියන අපහසුව.
- ඔයාගෙ උත්සාහයේ ප්‍රමාණවත් මදි කමක් නෙවෙයි. සමහරවිට ශරීරයෙ පරිවෘතීය ක්‍රියාවලියෙ (ඒ කියන්නෙ අපි ගන්න ආහාර ශක්තිය බවට පරිවර්තනය කරන ශාරීරික ක්‍රියාවලියෙ) නැත්නම් හෝමෝනවල අසමතුලිත කමක් නිසා මෙහෙම වෙන්න පුලුවන්.
ස්වභාවික ආහාර වලට මූලිකත්වය දෙන්න වගේම සාමකාමීව ආහාර ගන්න. තයිරොයිඩ් සහ රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කරගන්න.
- අධික තරබාරුව, විශේශයෙන් ආමාශය ආශ්‍රිතව.
- ආමාශගත තරබාරුවට හේතුව cortisol කියන ආතති හෝමෝනය වැඩියෙන් ශ්‍රාවය වීම සහ වැරදි ජීවිත රටාවන්.
ක්ෂණික ආහාර බැහැර කරන්න. සමබර ආහාරවේලක් ගන්න. ශාරීරික ක්‍රියාකාරකම් වැඩිපුර කරන්න. භාවනාව වගේ ක්‍රමයකින් මානසික ආතතිය සමනය කරගන්න.
- රාත්‍රියේදි කිහිප වතාවක්ම නින්දෙන් අවදිවීම.
- නින්ද අඩු වීම ශරීරයෙත් මනසෙත් යහපැවැත්මට හානි කරනව.
රාත්‍රිය බොහොම සන්සුන්ව ගතකරන්න. ඩිජිටල් තිර වලින් ඈත්වෙන්න. කෝපි වගේ කැෆේන් අඩංගු ආහාර අඩු කරන්න. නින්දට කලින් හුස්ම ගැනීමේ ව්‍යායාම නැත්නම් භාවනාව වගේ මනස සැහැල්ලු කරවන ක්‍රියාකාරකමක නිරතවෙන්න.
- දවස පුරාම තදබල වෙහෙසක් දැනීම.
- කල්පවතින තෙහෙට්ටු ගතිය කොහෙත්ම සාමාන්‍ය දෙයක් නෙවෙයි.
හොඳ නින්දක් ලබාගන්න. අවශ්‍ය තරමට වතුර බොන්න. ශරීරික ක්‍රියාකාරකම් කරන්න. පෝෂණදායක ආහාර ගන්න. කල්පවතිනව නම් විටමින් ඌනතාවක් ගැන නැත්නම් තයිරොයිඩ් සම්බන්ධව පරික්ෂාවක් කරගන්න.
- කාංසාව
- ඔයාගේ ස්නායු පද්ධතිය දුර්වල මට්ටමක තියෙන්නෙ.
හොඳ සිහිය පවත්වාගැනීම පුරුදු කරගන්න. සීනි අඩංගු බීම වර්ග, කෝපි වගේ උත්තේජක අවම කරන්න. ඔයාට දැනෙන අදහස් සිතුවිලි ලියන්න. හුස්ම ගැනීමේ ව්‍යායාම පුරුදු කරන්න. කල්පවතින තත්ත්වයක් නම් ප්‍රතිකාර ගන්න.
- හැම දෙයක්ම සම්බන්ධව කලකිරෙන ස්වභාවයක් ඇති වීම.
- අතෘප්තිය කියන දේ ඇත්තටම ජීවිතේ අත්විඳින්න ලැබෙන යමක්.
ජීවිත තරඟේ දුවන එක පොඩ්ඩක් නතර කරලා ඔයා වෙනුවෙන් ඉඩක් ලබා දෙන්න. ඔයා ආස දේවල් කරන්න, ඔයාගෙ විනෝදාංශ වලට කාලයක් දෙන්න. සොබාදහම එක්ක ගැවසෙන්න. අවශ්‍ය දේවල් සම්බන්ධයෙන් නිවැරදි සීමාවක් පවත්වාගෙන යන්න.
- නිතරම පීඩිත ස්වභාවයක් දැනීම.
- ඔයාගෙ මනස නොයෙක් දේවල් වලින් පමණට වඩා පිරිලා තියෙන්නෙ.
ඔයාගෙ වැඩ කටයුතු පුලුවන් තරම් සරල කරගන්න. ඇත්තටම ඔයාට අවශ්‍ය දේවල් මොනවද කියල තෝරබේරා ගන්න. භාවනාව පුරුදු කරන්න. හොඳ සිහිය පවත්වාගන්න. වරදකාරී හැඟීමක් නැතුව අනවශ්‍ය දේවල් අතහරින්න පුරුදු වෙන්න.
මතක තියාගන්න, මහ හඬින් කරන මොරගැසීම් වලට කලින් සියුම් කෙඳිරුම් විදිහටයි මේවා ඔයාගේ ශරීරයෙන් මතු වෙන්නේ. ඒ සියුම් දේවල් මගහරින්න එපා, ඒවට ඇහුම්කන් දෙන්න, සුවපත් වෙන්න.
.
.
.
~ Extracted and translated from the page "Buddhism"
No comments:
Post a Comment