Friday, November 12, 2021
Bluebird
Tuesday, November 9, 2021
ලෝකයේ හුදෙකලාම නවාතැන
Monday, November 8, 2021
Monsoon wedding (2001)
ඉන්දියාව කියන්නෙ කොයිතරම් සංස්කෘතික විවිධත්වයක් තියන භුමියක්ද කියන කාරණේ මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පුදුමාකාර විචිත්‍රවත් බවක්, වර්ණවත් කමක් මේ කලාපය පුරා පැතිරිලා තියන නොයෙක් සංස්කතීන් වල දැගන්න පුලුවන්. ඇඳුම පැළඳුමේ ඉඳන් කෑම බීම සංගීතය ඇදහිලි විශ්වාස මේ හැම දේකම දකින්න ලැබෙන්නෙ ඒ විවිධත්වය. 2001 අවුරුද්දේ තිරගත වුණු Monsoon wedding චිත්‍රපටයෙන් දැකගන්න පුලුවන් මේ සංස්කෘතියෙ විශේෂම අංගයක් වුණු විවාහ උත්සවයක් ගැන. පන්ජාබයේ නව දිල්ලි නගරයේ ඉහළ මධ්‍යම පාන්තික පවුල් දෙකක් අතර සිද්දවෙන සාම්ප්‍රදායික විවාහ උත්සවයක් ගැනයි Monsoon wedding චිත්‍රපටයෙ කියවෙන්නෙ. මේ විවාහය දවස්ගණනක් පැවැත්වෙන සහ උත්සවශ්‍රීයෙන් පිරුණු එකක්. ඒත් විවාහක් කියන්නෙ උත්ස්වයක් විතරක් නොවෙයි නෙ. දෙදෙකු අතර තියන බැඳීම ආදරය අවබෝධය මේ හැමදෙයක්ම ඇතුවයි දෙදෙනෙක් විවාහයට ඇතුළුවෙන්නෙ. මේ විවාහයෙ මනාලියත් මනමාලයත් එකිනෙකා මුල් වරට දකින්නේත් මේ උත්සවයට සූදානම් වෙන අතරමයි. ඉතින් අර සැණකෙලි සැරසිලි මැද්දෙ මේ දෙන්නට මොකක්ද වෙන්නෙ.
Friday, November 5, 2021
When you see water in a stream
Thursday, November 4, 2021
Introduction to Poetry
Tuesday, November 2, 2021
The Florida project (2017)
මෑත කාලෙදි ඩිස්නිලන්තය කියන වචනෙ අපේ ශබ්දකෝෂය ඇතුලෙ අලුතෙන් අරුත්ගැන්වෙනව. ඒ සිද්දිය ආයෙමත් මම මතක් කරන්නෙ නැහැ. ඒ වචනෙ එළියට එන්නෙ අපි ජීවත්වන මේ රටේ තියන ජරාජීර්ණ දේශපාලන ක්‍රමය ගැන අප්‍රසාදය පළකිරීමක් විදිහට. ඒ යෙදුම උත්ප්‍රාසයක්. ඒ කියන්නෙ වචනෙන් අර්ථගැන්වෙන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක්. ඩිස්නිලන්තය කිව්වම ඔලුවෙ මැවෙන්නෙ සැණකෙළි සතුට උතුරායන විනෝදකාමි තැනක් විදිහට. අපේ රට ඩිස්නිලන්තයක් විදිහට නාමකරණය වෙන්නෙ මේකෙ විරුද්ධ අර්ථයෙන්. ඇත්තම ඩිස්නිලන්තය පිහිටා තියෙන්නෙ ඇමරිකාවේ. ඇමරිකාව ගැන අපිට තියෙන්නෙ සහ ඇමරිකාවත් ලෝකයට පෙන්වන්නෙ තමන්ගැන මේ වගේ ඩිස්නිලන්තමය අදහසක්. හැබැයි මේ ඩිස්නිලන්තයෙත් ඉන්නව තටු කැඩිච්ච සුරංගනාවියො. පාර වැරදුන දේවදූතියො. මුදලට විකිණෙන සින්ඩරෙල්ලලා. කේශ කලාපය වර්ණගන්වාගෙන හන්දි ගානෙ හිටගෙන ඉඳල එදාවේල හොයාගන්න රපුන්සල් ලා. The Florida project කියන්නෙ අන්න ඒ අඳුරු පරිච්ඡේදය ගැන කතාවක්.






