Monday, November 1, 2021

සමහර ගණුදෙණු

කවුන්ටරයේ මැද
වීදුරු පවුරකින් පිට
වාඩිවී හිඳිනා මහත්මිය...

මෙතෙක් කල තැන්පතු ද
ආපසු ගනු ලබන අගයන් ද
ගණිතමය ගැටළු විසඳන..

රන් පැහැය දිදුලන
වර්ණ ගැන්වූ කෙහෙරැළි 
ඇයි සුළඟ සමඟින් අමනාප 
ඔය තරමට..

අඩක් විවරවු කවුළුවෙන්
පෙරී එන ළා හිරු රැස
කොපුල මත අඳින සෙවණැළි
මනහර..

බොහෝ කුඩාය අගයන් 
මා අතැති පත්‍රයෙහි
හිස් තැන් අතර ලියවුණු...
එබැවින් වඩාත් පහසුය
මේ ගණුදෙණු...



No comments:

Post a Comment