ආදරේ සම්බන්ධයෙන් මේ සෝෂල්මීඩියා ඇතුළෙ ශෙයා වෙන සමහර දේවල් සහ ඒවට බොහෝම තරුණ තරුණියන් දෙන ප්‍රතිචාර දිහා බැලුවම නම් සිනා පහළවෙන එක වළක්වන්න බැරි බව ඇත්ත. නමුත් මේ අදහස් කියවන අයගෙ මනසට කොයිතරම් භයානක විදිහට නරක බලපෑමක් කරන්න පුලුවන්ද කියල හිතෙනකොට හිනාවෙනවට වඩා අඬන්න තමයි තියෙන්නෙ. "ගහ මරාගෙන හරි එකට ඉන්න එක තමා ආදරේ කියන්නෙ", "දවසක් හරි බෝයිෆ්‍රෙන්ඩ් ගෙ ඔලුව කෑවෙ නැත්නම් නින්ද යන්නෑ අනේ" "මට ඕන මම පොල් ගහක් පෙන්නල කොස් ගහක් කිව්වත් ඒක පිලිගන්න කෙල්ලෙක්ව" "කමෙන්ට් කරන්න එපා බෝයිෆ්‍රෙන්ඩ් සැරයි".. මතක් වෙන විදිහට මෙහෙම ටිකක් සඳහන් කලාට සෝෂල් මීඩියා ඇතුලෙ නිතරම ඉන්න ඔබ නම් ඕන තරම් මේවගෙ දේවල් දැකල ඇති. කොයිතරම් ලොකු අනාරක්ෂිත කමක්, හීනමානයක්, පීඩනයක් මේ අදහස් ඇතුළෙ තියනවද කියල ඔබට නේතේරුණොත් පුදුමයක්. මේ සයිබර් අවකාශයෙත් ඉන් පිටත් මේ ආදරේ කියල ලේබල් ගහගත්ත පීඩාකාරී ජීවිත කතන්දර ඕන තරම් අපිට අහන්න දකින්න පුලුවන්.
Thursday, August 18, 2022
Darlings (2022)
Wednesday, August 17, 2022
වියැකී යන්න මතකෙන් - Let It Be Forgotten
Tuesday, August 16, 2022
Gifted (2017)
Friday, August 12, 2022
Elvis (2022)
Wednesday, August 10, 2022
කොයිතරම් සුන්දරද ඔබ
Monday, August 8, 2022
Wild Strawberries (1957)
මතකය නම් වූ මළපොත පෙරළල මළගිය ඊයේ සිහිපත් කරද්දි, පැතූ පැතුම් අත්මිට මිට මොළවාගත්ත දෑතේ දසැඟිලි දිගහැරල බලනකොට දැක්ගන්න ලැබෙන්නෙ කිසිවක් නොමැති හිස්කමක් පමණක් බව ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මය ගීයක පද අතරෙ ලියනව. පහුවෙලා ගිය අතීතය ගැන දැන් ආපහු හිතනකොට, රෑ නින්දෙදි දුටුව හීනයක් වගේ ඒ කාලය නොදැනීම ගෙවිල ගිහින් නේද කියල හිතෙන බව ඇත්ත. නමුත් ඕනැම කෙනෙකුට, මේ මොහොතෙ මම කියන්නෙ, මීට කලින් ගෙවුණු මොහොතෙ මම කල කී දේවල් වල ප්‍රතිඵලයක් නොවෙද කියන ගැටලුව මතුවෙන්න පුලුවන්. ඇත්තටම හිතල බැලුවොත් ඒ ගෙවුණු කාලය ඇතුළෙ මම කරපු, කියපු, හිතපු දේ හේතු කරගෙන තමයි දැන් ඉන්න මේ මාව නිර්මාණය වෙලා තියෙන්නෙ. එතකොට, වර්තමාන කලය එක්ක සංසංදනය කරද්දි අතීතය කියන්නෙ නිකම්ම හිස් තැනක් නොවෙයි. දැනටමත් ගතවෙලා ඉවර වුණු කාලය වුණත් මතකය එක්ක තවමත් අපි තුළ ජීවමානව පවතින්නෙ නැද්ද. සාපේක්ෂව කාලය මැනගන්න අපි ඔරලෝසු බැඳගෙන හිටියට කටුවලින් ලකුණු කරල පෙන්නන්න බැරි කාලය එක්ක නේද අපි බොහෝ වෙලාවට ජීවිතේ ගෙවාදමන්නෙ. බර්ග්මාන් ගෙ Wild Strawberries චිත්‍රපටයෙත් දකින්න ලැබෙන්නෙ මෙන්න මේ විදිහට ජීවිතේ එක අගිස්සක ඉන්න මනුස්සයෙකුගේ මතකාවර්ජනයක්.
Monday, August 1, 2022
Taste of Cherry (1997)
මේක මං කොහෙන් හරි කියවා තියන කතාවක්. එක්තරා ගමක හිටිය තරුණයෙක්. මෙයාට ජීවිතේ දුක්බර, කටුක අත්දැකීම් එකදිගට විඳින්න සිද්දවුණා. සැනසීමක් පේන මානෙක දකින්න ලැබුණෙ නෑ. දවසක් ඔහු ඒ දේවල් වලින් හොඳටම හෙම්බත් වෙලා මේ දුක් වේදනාවන් කොහොම හරි අවසාන කරගන්න හිතුව. එදා ඔහු පාරට බැස්සෙ ජීවිතය නැති කර ගැනීමෙ අරමුණෙන්. මේ ගමේ තිබුණ මහ සුවිසාල වැවක්. වැව පතුලේ තමන්ගෙ ජීවිතය දිය කර හරින්නයි ඔහු හිතුවෙ.






