Monday, September 11, 2017

කෙටි කවි #35


මහ ගස්
ඇදවැටුණු පසුවයි
පුංචි පැළ
දකින්නේ අහස





13 comments:

  1. පතාක ගස්
    බිම නිදයි,
    වනු සමඟ
    පැල ගස් - සූදානම්,
    කොළ දෙක තුන ඇතුව !

    ReplyDelete
    Replies
    1. හුරු වේවි උනුත්
      දවසක
      තමන්ගේම මලක්
      පුබුදුවා ගන්නට
      බිම වැටී නිදන
      මහ ගස් වාගෙම...

      Delete
    2. පුබුද පුබුදාම මල්,
      පෙන්න පෙන්නාම - අහසට
      උස යාවි
      ඉතින් ඒ ගස්!

      Delete
    3. සුලග
      ගෙනයාවි සුවද
      අහසත්
      බලා හිදීවි
      පුරුදු ලෙස...

      Delete
    4. නොදෙන්නට සුවඳ
      සුළඟට...
      රොන් අතර,
      තබති දළඹුවන්
      ඒ ගස් - අමතක නොකර....

      ප.ලි. බෑ අප්පා..... මට උත්තර දෙන්න බෑ

      Delete
    5. ඒ දලඹුවන් යළිත්
      සමනළුන් වී එනකොට
      නොදේවිද ගස
      සුවද උන් හට?

      ප.ලි. ආයෙත් Stuck ද? Restart කරල බලමු..

      Delete
    6. දළඹුවන්
      සමනලුන්ව
      එනසඳ....
      ඒ මල් පරව - බිජුවට වපුරා
      බලා ඉනු ඇත!

      Delete
    7. අවාරෙක තනිකම
      පුරුදු ඇති සමනළුන්ට
      ඒත්
      ගසත් මල් වරා
      බලා ඉදිවිද සදහටම?

      Delete
    8. පරම අයිතිය පැවරූ
      සමනළයාට හැර,
      පියුම පුදදේද
      අන්කිසිවෙකුට,
      ඒ ගස?

      Delete
    9. සමණලෙකු උන්නත්
      මලට උරුමකම් ඇති
      දසත හමනා සුවද
      වැටකොටු ගසා වලකන්න
      සුළගට නොහැකි...

      Delete
  2. ඒකනෙ. එක පාරටම මට ඔලුවට ආවෙ යකෝ කොම්පැනියකත් මෙහෙමනෙ කියල

    ReplyDelete
    Replies
    1. පවුලක වුණත් එහෙමයි....කිසිම හෙවණක් නැතිව තමන් තනිවම ජීවිතේට මුහුණ දෙනකොට තමා ඒක අවබෝධ වෙන්නෙ.....

      Delete
  3. ඉතින් සතුටින්
    දැන්
    සූදානමින් හිඳී
    පිළිගන්න ළෝකය
    ඒ ළපටි තුරුව....

    ජයවේවා!!!

    ReplyDelete