Thursday, September 21, 2017

ගීයක්ය මුළු ලොවම


බටහිර සුලං තීරේ
පාවි පාවී නින්නාදදේ
චෙලෝවේ ගැඹුරු සර....

සොනාටාවේ 
විසිරුණු තාල අතරේ
පියානාවක් සිනාසේ
පෙන්වා දසන් පෙළ...

ගාංගා නදී ඉවුරේ
මැදියමේ මධුර හෝරාවේ
සියුම් අතැඟිලි සරින් හැඬවේ
සිතාරෙක කෝමල ස්වර...

යමුනා ගංගාවේ
දිය රල මතුවී බිඳෙන්නේ
ඇයි ද මේ තරමට
ක්‍රිශ්ණා ඔබේ වස්දඬුව
වයන්නේ කාහට ද අද...

කොංගෝ වන පෙතින්
නැංවේ හාමොනික ගායන
හිම මිදුනු කඳු මුදුන් අතරින්
පාවී විසිර යේ සතර දෙස....

වැයෙනා බෙන්ධීර් බෙරයක
ගැයෙනා උච්ච සර ගැයුමක
මුසුවී ඇසේ සහරාවේ පාලු වැලපුම .....

නොනවතින බැන්ජෝ රිද්මේ
ෂර්වුඩයේ මිතුරෝ මාගේ
සිනහ උතුරන සාදේ
අත්තල නගා පා නැටවේ....

අවසන
මේ සියලු නද
කැටි වී එක තනි ස්වරයකට
නැලවිලි ගීයක්ව ගැයේ 
මවකගෙ මුවින් බිළිඳෙකුට...




8 comments:

  1. මුළු ලෝකෙම තියෙන සියලු ස්වර එක්කොට
    ගැයුම ???

    ReplyDelete
    Replies
    1. සියලු ස්වර මතුවෙන්නේ එකම තැනකින් වෙන්න බැරිද?
      විවිධ හැඩ වර්ණ පැහැයන් ගත්තට මේ හැම ස්වරයකටම පොදු යම් දෙයක් තියනව නේද?

      Delete