Monday, July 16, 2018

කුරුලු යුවලක්

කුරුලු  යුවලක්
ඉහල අඹ අත්තේ
සිරි සිරි හඬින් හඬගා 
මොන මොනවදො මුමුණන...

පෙම්වත් යුවලක්ද ඒ
ළං ලංව උනුනට
රහස් බස් කොඳුරන..

නැතිනම්
අලුතින් කැදැල්ලක් තනන්නට
සවිමත් අතු සොයාගන්නට
තුඩින් ගෙනයා හැකි දර ඉපල්
ඇති යම් තැනනක් වේද ලඟපාතක
කතාවෙනවද උන්...

ඒත් නැතිනම්
අහම්බෙන් මුණගැසී
ජීවිතේ දුක සුසුම සැනසුම
සමසමව බෙදාගෙන
නැවත වෙන්වෙන්ව
පියඹායනවද 
උනුත් 
අපි වාගෙම...





2 comments:

  1. අහම්බෙන් ගොඩවැදී
    හමුවූ කතාවෙන්
    වෙන්වෙලා යන්නම්
    ආයෙත් නොඑන්නට නොව
    පුලුවන් වෙලාලාවක
    ගොඩවෙන්න හිතාගෙන

    ReplyDelete
    Replies
    1. එතෙක් ඔබ ඉන්න ඔතනම
      මමත් ඉන්නම මෙතනම

      මුණගැසෙන තුරු
      ආයෙත් දවසක...

      Delete