Wednesday, September 5, 2018

කවිය සහ රිදුම


කුසුමක් නැගෙන්නේ සුසුමක්ලන ගසෙනි
කඳුලක් පිසින්නේ රිදුමක් හුරු අතෙනි
රිදුමක් තියෙන්නේ කවියට ලඟ දුරෙනි
කවියක් ගලන්නේ පැලුමක් ඇති හදෙනි.





6 comments:

  1. පිපුනත් කුසුම් කුමටද ගස ලද්දි සුසුම්
    පිසුවත් කඳුළු කුමටද ඇස දෙද්දි රිදුම්
    කවියක් උපන්නත් හද ඇති තැනින් පැලුම්
    කවිකම් කුමට මට ගිලිහී යද්දී පැතුම් ..

    ReplyDelete
    Replies
    1. සුසුමන් හෙලූවත් කුසුමින් ලද සුවද
      දහසක් දනන් සිත් ඉන් සුවපත් නොවෙද
      රිදුමන් මතුවුවත් හද පතුලෙන් නිබද
      කවියක් තරම් ඔසුවක් ඇත්තේ කොහෙද...

      Delete
  2. ඒක ඇත්ත ..

    ලස්සන ගැලපීමක්

    ReplyDelete
  3. Replies
    1. බොහොම ස්තූතියි දේශකයා!

      Delete