Tuesday, August 20, 2019

සැමරුම් දින නැත


සැමරුම් දින නැත..
සිහිකරන්නට
ස්මාරක තනා නැත..

ලඟ තබා ගෙන
පරිස්සම් කර
සිහිවටන ලෙස
බෙදා ගත් කිසි දෙයක් නැත...

මෙන්න මේ බංකුව මත
පළමු සහ අවසාන වරට
මුණගැසුණු බවට ද...

උරහිසෙහි හිස තියා
දිගු තත්පර ගෙවූ බවට ද....

මෘදු හාදු නළල මත
විසිරී ගිය බවට ද...

අවසාන දැඩි වැළඳගැනුමකින්
වෙන්ව ගිය බවට ද..
කිසිම සළකුණක්
ඉතිරි වී නැත..





No comments:

Post a Comment