Monday, August 19, 2019

The Host (2006) (භාෂාව - කොරියන්)


රාක්ෂයෙක් ඇවිත් ඉන්නව අපි අතරට. ඌ මිනිස්සුන්ට ලඟින් නිහඬවම ඉඳගෙන පෝෂණය වෙමින් ඉන්නව. දවසක ඒ රාක්ෂයා මිනිසුන් අතරට කඩා වදිනව. බොහෝ අයට ජීවිත අහිමි වෙනව. දෙවම්පියන්ට දරුවන් අහිමි වෙනව. දරුවන්ට දෙමාපියන් අහිමි වෙනව. ඒක ඉතාම දරුණු ඛේදවාචකයක්. ලෝක දේශපාලන බලවතුන්, ‍රට කරවන දේශපාලකයන් මේ රාක්ෂයා ගැන දන්නව. ඌ බිහිවෙන්නෙ මේ අයගෙ අනුදැනුම ඇතුව. ඒත් ඒ අය තමන්ගෙ වැරැද්ද වහගන්න කතන්දර ගොතල ප්‍රචාරය කරනව. සුපුරුදු පරිදි ඒවට අහුවෙන මිනිස්සු තමන්ගෙම උන් එක්ක මරාගනිමින් ඉන්නව. අහල පුරුදුයි වගේ ද? මතක් කරගන්න අප්‍රියෙල් 21 පාස්කු ඉරිදාව..

2006 වගේ කාලෙක හැදුනත් The host බැලුවම කොරියානු චිත්‍රපට ලෝක සිනමාවෙ කොයිතරම් ඉදිරියෙන් ඉන්නවද කියල හඳුනගන්න පුලුවන්. ඒ වගේම දේශපාලකයන් ගෙ දූෂිත ක්‍රියාකාරකම්, නිලධාරි වාදය ඒවයින් පීඩා විඳින මහ ජනතාව, පවුලක දෙමව්පියන්, සහෝදර සහෝදරියන් අතර බැඳීම.. වගේ දේවල් මේ චිත්‍රපටයෙන් දැක්ගන්න පුලුවන්. ඉතින් ඒ නිසා The Host වතුරෙන් මතුවෙන අමුතු සතෙක් ගැන කතාවක් විතරක් නම් නොවෙයි.





No comments:

Post a Comment