Tuesday, March 27, 2018

ඔබ කියන්නේ කොහොමද....


ඔබ කියන්නේ කොහොමද.

සීරුවට පිරිමදින කොට කැන්වසය
වර්ණවත් නොවේවිද
පින්සලය. 

තමන් තනි නොතනියට
පත්තුකරගත් පහනක් ද
ප්‍රදීපාගාරයෙ එළිය.

නැත්නම්
ගසද රස බලා
ඉතිරිවන මධු බිඳු ද
ලොවට බෙදනා එහි ඵලය.

ඒ වුණත්
කුණාටුව අවසන
ඔරුව එක්කම ගිලෙන එක
තමයි රුවලකට ඇති එකම සුවය. 

2017/03/27





10 comments:

  1. නියමයි හිතන්න යමක් තියපු පද වැලක් .

    මම හරිම ආසයි මේ වගේ වචන හරබයන්වලට

    ReplyDelete
  2. එ් වුනත් කුණාටුව අවසන
    ඔරුව එක්ක ගිලෙන එක තමයි
    හබලකට ඇති එකම සුවය


    එක නියමයි. දැනෙන විදින්න පුළුවන් කවියක්

    ReplyDelete
  3. හ්ම්. ඔරුවටත් එහෙමමයි දැනෙන්නෙ.
    රහයි මෙ කවිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී!!

      Delete
  4. මේ කවියට මමත් කැමතී.... අමුතු රසයක්

    ReplyDelete
  5. කවියත් කුණාටුව වගේම දුක්බරයි .

    ReplyDelete
    Replies
    1. ඕනම කුණාටුවක අවසානයක් තියනව නේ :)

      Delete