Monday, November 11, 2019

ඈ නොමැති හැන්දෑව

ඈ නොමැති හැන්දෑව
බීර සුවඳින් පිරෙන..

බීර බඳුනක
රන් පාට තැවරුණ
මළානික ඉර දියවෙවී දියවෙවී
ආකහේ වැක්කෙරෙන..

ගොර ගොර හඬින් කැරකෙන
තටු බුරුල විදුලි පංකාවේ සුළඟ
පපුවේ හැපී හීගඩු පිපෙන..

යහනතේ
පසෙකින් සුවිසාල ඉඩකඩේ
ඉතිරි වන මතක සාගරේ
කරවටක් මං තනිව ගිලෙන..

ඈ නොමැති හැන්දෑව ..
කවුළුපත් අගිස්සෙන්
ගෙට එන සියුම් කළුවරට
ආයෙමත් ආදරේ හිතෙන...



No comments:

Post a Comment