Friday, January 1, 2021

31 රෑ - චාල්ස් බුකොව්ස්කි

හරියටම රෑ දොළහට
1973 - 74 අවුරුදු අතර මැද
ලොස් ඇන්ජලිස් නගරේ
පටන්ගත්තා මහ හයියෙන් වැස්සක්
පාම් අතු උඩට, මගෙ ජනේලෙන් එපිට...
ඇහෙන්න පටන් ගත්තා
රතිඤ්ඤා, නළා හඬ සද්දෙන්...

නින්දට ගියේ මං රෑ 9 ට
නිවා දමල විදුලි පහන්
ගුලිවෙමින් පොරෝනාවේ..
උන්ගේ සතුට උන්ගේ විනෝදය
උන්ගේ කෑගහන හඬ උන්ගේ කඩදාසි තොප්පි
උන්ගේ වාහන, උන්ගේ ගෑනු
උන්ගේ තේරුමක් නැති බීම...

අලුත් අවුරුදු රෑ
හැමදාම බයගන්නවනවා මාව...
ජීවිතය දන්නවද අවුරුදු ගෙවෙන බවක්..

නැවතිලා නළා හඬ..
නැවතිලා රතිඤ්ඤා සද්දෙත්
මිනිත්තු පහකින් ඉවරයි හැමදේම..
පාම් අතු උඩට වැහි වැටෙන හඬ ඇර
වෙනත් යමක් අහෙන්නේ නෑ අවට..
දැන් මම කල්පනාකරනවා
තේරුම් ගන්න බැරිවේවි මේ මිනිස්සුන්ව 
කවදාකවත් මට..
ඒ වුණත් ජීවත් වෙනවා
හැමදාමත් උන් එක්ක මම..

- චාල්ස් බුකොව්ස්කි

- Originally titled "Palm Leaves"
- Translated by hAsH-



No comments:

Post a Comment