Friday, January 22, 2021

එකම හිස් අසුන

කොයිතරම් නපුරුද
බස් රථයෙහි
ඔබේ පසෙකින් ඉඩ තබන
එකම හිස් අසුන.

කොයිතරම් දරුණුද
විලවුන් සුවඳ ගෙන
දස අත හමන සුළඟ.

කොයිතරම් වැරදිකාරද
මේ වැනි මොහොතක
වික්ටර් ගෙ ප්‍රේමගීයක් ගයන
රේඩියෝව..



1 comment:

  1. නපුරුයි නම් තමා.
    ඒත් මොනව කරන්නද
    හිටගෙන යනවා මිසක්

    ReplyDelete