Wednesday, August 7, 2024

පරව ගිය කුසුමක්

 (1962 අගෝස්තු 4 මැරලින් මොන්‍රෝ මියගිය පුවත අසන්නට ලැබුණු සැණෙකින් චාල්ස් බුකොව්ස්කි මෙලෙස ලිවීය. එය බුකොව්ස්කි ගේ Burning in Water Drowning in Flame නම් කවි එකතුවේ ඇතුළත්ව තිබේ)

දැල්වුවා පහන් ඔබෙ සිරුර
බොහෝ මිනිසුන්ට අඳුරු රැයවලදි,
දැන් ඔබේ රැය තවත් අඳුරුයි,
පහන් දැල්වෙන රැයකටත් වැඩියෙන්.
අමතක වී යනු ඇත අපට ඔබ,
යම් තරමකට,
කාරුණික නොවෙතත් එලෙසින් කීම,
පොදි ගැසෙනු ඇති ඉහඳ පණුවෝ
ඔබේ ඇට මිදුළු සොයමින්,
කාහටත් සිදුවේය මේ ලෙස,
නපුරන්ට මෙන්ම විරුවන්ට,
කුහුඹුවාගේ සිට අලි ඇතුන් තෙක්,
වනේ වන මෘගයන්ට ද,
එහෙත් ඔබ රැගෙන ආවා
අප වෙනුවෙන් යමක්,
එක්තරා ආකාරයක කුඩා ප්‍රහර්ශයක්,
යහපතක් යැයි කියමි එය අපට,
එබැවින් ඉඩ නොදෙන්න තව
දුක්වන්න අප හට,
වියැළී ඉවත විසිවුණු මලක් සේ,
අමතකවේ අපට, සිහිපත් වේ අපට,
බලා හිඳිනු ඇත අපි,
මගේ මධු බඳුන ඔසවා
විනාඩියක් පුරා සිටියා මම.
සිනාවක් විය මා මුව.

~ Charles Bukowski

(සිංහල පරිවර්තනය මගෙනි)



2 comments:

  1. මේක හොදයි
    මම ලංකාවෙ නම් ඉන්න අකමැතිම කවියෙක් තමයි නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික් කියන්නේ
    ඔහුගේ කවිවල යම් ඩිපේ‍රසිවු ගතියක් තියෙනව නමුත් අර හෝද හෝද මඩේ දානව වගේ දුකම කියවන එක තමයි කරන්න එයා

    ReplyDelete
  2. ඉදිරිපත් කර ඇති පසුබිම ගැන යමක් කියන්න කැමතියි. අඳුරු පසුබිමේ අඳුරු අකුරු ඇහැට වෙහෙසකරයි. අකුරු ලා පාටකින් දැම්මා නම් හොඳයි.

    ReplyDelete