(මාධ්‍යවේදී David Brancaccio විසින් වසර 2005 දී ඇමරිකානු ලේඛක Kurt Vonnegut ඔහුගේ Man Without a Country නම් කෘතිය සම්බන්ධ කරගෙන සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. පහත සංවාදය එහිදි සිදුවුණි)
DAVID BRANCACCIO: මම කියන්නම ඕන දෙයක් තියනවා, ඔයාගෙ අන්තිමටම පළවුණු පොතේ මෙහෙම දෙයක් ඇතුළත් වෙනවා. ඔයා ගෙයින් එළියට යන්න හදනකොට ඔයාගෙ බිරින්දෑ ඇවිත් අහනව ඔය මොකද කරන්නේ කියලා. මං හිතන්නෙ ඔයා කියනව මම ලියුම් කවර වගයක් ගන්න යනවා කියල.
KURT VONNEGUT: ඔව්.
DAVID BRANCACCIO: ඊට පස්සෙ මොකද වුණේ?
KURT VONNEGUT: එයා කිව්වා ඔයා දුප්පත් කෙනෙක් නෙමේ නෙ. ලියුම් කවර මිටියක්ම එකපාර ඔන්ලයින් ඕඩර් කරලා තියාගන්නෙ නැත්තෙ ඇයි කියලා. ඉතින් එයා කියපු එක ඇහුණෙ නෑ වගේ මම එන්න ආව. මොකද කඩේ ගිහින් එක ලියුම් කවරයක් අරගෙන එන ක්‍රියාවලිය ඇතුළේ මං ලොකු සතුටක් ලබනවා. මට ගොඩක් දෙනා මුණ ගැහෙනවා. ගිනි නිවන හමුදාවෙ වාහනේ මාව පහු කරගෙන යනවා. මං ඇගිල්ලක් උස්සලා ඒ අයට නියමයි කියලා කියනවා. බල්ලෙක් අරන් එන ගෑනුකෙනෙක්ගෙන් ඌ මොන ජාතියෙද කියල අහනවා. මං දන්නෙ නෑ. මේකෙ තේරුම තමා අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ අපේ කාලෙ ගෙවල දාන්න. කම්පියුටර් අපි වෙනුවෙන් දේවල් කරාවි තමා. ඒත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැති සහ තේරුම්ගන්න උවමනාවක් නැති කාරණේ තමා අපි නටන සත්තු කියන එක. ඔයා දන්නවනේ අපි කැමතියි එහෙ මෙහෙ ඇවිදින්න. ඒත් තව දුරටත් අපි එහෙම කරන්නෙ නෑ. . . .
~ Extract and translated from "Philo Thoughts"
No comments:
Post a Comment