Tuesday, August 8, 2017

සිහින

සිහිනයක් තිබේ
හැම කඳු මුදුනකටම

නෙක රුදුරු වන සපුන්  
කටු පඳුරු ඇති වුණත්
සුනිල් වන් දිය ගලන
තැනිතලා බිමක් ගැන...

අහස අතපොවන මානෙක
නිරන්‍තර සිහිලසම පවතින
බොහෝ උස කඳු මුදුනක් ගැන
සිහිනයක් තිබේ
හැම තැනිතලාවට ම...






2 comments:

  1. ඔන්න අපිත් ආවා එහෙනම් මේ පැත්තට ... සුබ පැතුම් සමග

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ..සතුටක් මෙතැන හමුවීම :)

    ReplyDelete