Friday, August 4, 2017

නොවරදවාම කියන්න....

නොවරදවාම කියන්න.... 

හමුවුණොත් දවසක
කියනවද වර්මියර්ට

ආදරය කල බව මම ඒ ලඳට... 
මුතු කරාබුවට නොව
ඇයට...

කලා රස හඳුනන
සහසක් ඇස් කෙවෙනි තුල
උරා රස විඳිද්දි
ඒ රුව
පුපුරු ගැසූ බව
ඊරිසියාවෙන් හදවත..

නොවරදවාම කියනවද..

ඔහුගෙ සුරු දෑත් මත
රැඳුන පින්සල තුඩගින්
ඉසියුම් රේඛා හැඩතල ගෙන
ඇඳෙන විට
ඒ රුව
ඉහිලුම් නොදුන්නු බව මේ හිත...

අමා විත බඳු ලවන
රක්ත තොල්පෙති යුගල
ඇඳෙන කල
තෙල් සායමින් වර්ණ ගෙන
අමනාපයෙන් පසුවූ බව
කැන්වසය සමග....

නොවරදවාම කියනවද..
ප්රේමයෙන් පසුවන බව
මම තවම ඇය සමඟ...

(Girl with pearl earring ඕලන්ද ජාතික සිත්තරෙකු වන වර්මියර් ගේ ලෝ ප්රකට සිතුවමකි)





No comments:

Post a Comment