Monday, August 28, 2017

වනස්පතිය

වැව් කණ්ඩිය ඉහත්තාවෙ 
බොරලු පාරෙ හන්දිය ලඟ 
මහ සරුවට වැඩී තිබුණ 
බදන්න බැරි වනස්පතිය

පිනවන දුටු දන සැම දෙන 
වැව ලඟ පිහිටුව කදිමට 
අතු පෙල විහිදා අහසට
හෙවණ දුන්න වනස්පතිය

ගිණියම් අව්වේ වෙහෙසෙන 
සහසක් ජනතාව ගිමන 
නිවා දැමුව මහ පොළවක 
නටබුන් පමණිය අද දින

වනස්පතිය තිබුණ පොළවෙ
කටු කම්බිද සිමෙන්ති කණු 
හෙවණ දෙන්නෙ කොයි කාහට 
කුරා කුහුඹුවන්ට පමණ..

දහසක් දුහුනන් වටවී 
වැව්කණ්ඩියෙ හන්දිය ලඟ 
මුල උදුරා බිම දමද්දි 
ඒ අගනා වනස්පතිය 
පොළව බදා වැලපෙන්නැති 
ඒ කඳුලෙන් 
වැව් දිය බොර පැහැ වෙන්නැති 
ඒ සුසුමන් 
වැව්තලයේ පාව ඇවිත් 
හුලඟ වෙලා හමනව ඇති...





4 comments:

  1. ඔබ දක්ෂයෙක් වග විවාදයක් අවශ්‍ය නැහැ..
    ඒත්.. හදිස්සියේ ලියන්න එපා... පොඩ්ඩක් ලියලා ආයේ දවසක බලලා කවිය ඉවර කරන්න.. අපරාදේ නැත්ත.. නිර්මානයට කරන අසාධාරණයක් වගේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!! අවුරුද්දකට විතර කලින් ලියවුණු ඒව තමයි මේ එකතු කරල ආයෙත් දාන්නෙ....නැවත නැවත කියවා අඩුපාඩු හදා ගත යුතුයි....

      Delete
  2. // සහසක් ජනතාව ගිමන
    නිවා දැමුව මහ පොළවක
    නටබුන් පමණිය අද දින

    වනස්පතිය තිබුණ පොළවෙ
    කටු කම්බිද සිමෙන්ති කණු
    හෙවණ දෙන්නෙ කොයි කාහට //

    මේ වගේම කුබුක් ගහක් ගැන කතාවක් ලඟදි කියෙව්වා වගෙ මතකයක් තියනව වෙනත් බ්ලොග් එකක... කෙසේ වෙතත් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ!!!

      Delete