Wednesday, May 2, 2018

රන් කූඩුව


සොඳුර මේ රන් කූඩුව
වන මැද අතු අතර ඉදි කළ
ඉඩ කඩ තිබේ අපහට
අත්තටු විදා හිඳිනට..

පිබිදේ නැවුම් වනමල්
සුවඳින් වැසේ දස අත
හටගත් මියුරු ඵල වැල
ඇත මෙහි කුසට අහරට..

සිහිලැල් දිය උනන
උල්පත් තිබේ අත නුදුර
නිබඳ හමනා පවනේ
නිවී යයි ගත ගිමන..

ඇත මෙහි සියලු දේ
නොමැත කිසි අඩුවක් අපට
ඒ නමුදු නොදනිමි මන්ද
කියා ගත නොහැකි යමකින්
බරව යයි මගෙ සිත නිතර
දකින කළ අහස.




4 comments:

  1. රත්තරන් උනත් කුඩුවක් නේ.ඒකයි හිත බර වෙලා තියෙන්නේ.

    ReplyDelete