Wednesday, May 16, 2018

මා මිතුර


මා මිතුර
සැබෑවකි එය
මා අතින් පැලඳූ සිනහවෙන්
ඇය සිනාසෙන බව දැන්
මුළු ලොවම ඉදිරිපිට
මුළු ලොවට පෙනෙන ලෙස...

මා මිතුර එනමුදු 
කඳුළු බිඳුවක් තවම
බිම වැටී නොවැටී
රැඳී ඇත ඇගේ ඇස අග
කිසිවෙකුට නොපෙනෙන
කිසිවෙකුත් නොදකින

මා මිතුර ඔබ දෑතින්ම
පිසදමා හරිනු පිණිස.






1 comment:

  1. ඔබ අතින් පැළදු සිනහව
    ඇස් අග කදුලක් උනි නම්
    ඔබම එය පිසලන්න
    නැවත ඇය සිනාසෙයි!!!

    ReplyDelete