Saturday, May 12, 2018

සමාන කුරුල්ලෝ එකට පියාඹති



ඉමක් කොණක් නැති
මග සලකුණු නැති
යා යුතු මාවත
සොයා ගන්න නැති
අනන්ත ආකාසේ
සීතල දිය ඇලි
රම්‍ය වන උයන්
වෙත පියඹන්නට
ලඟම පාරවල්
සොයා ගනිති උන්.. 

උස් තුරු මුදුන් මත
හටගත් මියුරු පලවැල 
බෙදාහදා ගෙන
රස බලති... 

මිහිරි මකරන්ද තැවරුණ 
සුළඟ සීරුවෙන් ඉවකර
මන්මත්ව නද දෙති.... 

උනුන් තටු පිරිමැද
පිහාටු සුවඳ ඉවකර
යලිත් අහසටම එක්වෙති... 

සමාන කුරුල්ලෝ
නිතරම එක්ව පියාඹති... 




4 comments:

  1. Nidahasda ? Kurullo....

    apuuruyi randika.
    Jayaweawaa!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී....ජය!!

      Delete
  2. ලස්සනයි ඔයාගේ හිතට එන අදහස් රන්දික.

    ReplyDelete