Tuesday, May 8, 2018

අවසානය - The Vanishing


වළාකුල් බඳෙන් ගිලිහී
මළානික වැසි වැටෙන දවසක
සැඳෑවක් දියවී බොඳවී යයි
පමා වූ ළිහිණියක තටු අතර.

තාමත් කඳුළු බිඳු වගුරන
හේමන්ත නිද්‍රාව කෙළවර
හෙමින් වාතලයට මුහුවිණ
සරත් තුරු පතක අන්තිම සුසුම.





3 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි දුමී!!!

      Delete
  2. කවද හරි අපේ අන්තිම සුසුමත් වාතලයට මුසු වෙනවා වගේ නේද?

    ReplyDelete