ක්‍රමයෙන් හිස් වන කල ශෝක බඳුන
රාත්‍රියෙහි හැඩය ගනී..
අතරින් පතර තැන තැන
මතුවෙන සතුට පෙණකැටිවල
සඳ එළිය කැබලි කැබලිව
කුඩා ආලෝක බිඳු සහසක් මැවෙයි...
කවුළුව විවර කර මම
බිත්තියෙන් එපිට ලෝකය දෙස බලමි...
අහස උරා බී ගන්නට ද මේ
තරඟයට මෙන් වැඩෙන්නෙ ගහකොල?
නැතිනම් පොලෝ පස උරාගෙන
තුරු අග දැරූ මල් විසිතුරු ද මේ තරු?
අයාලේ යන වළාවකට
මඟ කියයි නම් කණාමැදිරියෙක් පොඩි
මඟ කියන්නෙ කවුද ඌ හට?
කඩා වැටෙනා තරුවක් ද?
"නාසන්න මිතුරේ ඔය තරමට පැන
දරාගත නොහැකියි රාත්‍රියකට වුව
සළුපිලි ලෙහා අඳුර හා මුහුවනු මිස
කළ හැකි යන් යමක් වෙද"
කියයි මට දැන් රෑසියා අර..
කවුළුව වසා මම
හැරෙමි නැවතත් මගේ කුටියට...
කොයිතරම් දිගුවිය හැකිද රැයකට..
ශෝක බඳුනක පතුලක
කැලැත්තෙන ශේෂ කවි අතර....
No comments:
Post a Comment