1925 සැප්තැම්බර් 18 වෙනි සෙනසුරාදාව කියන්නෙ පැහැබර කාළගුණයක් තිබුණ බොහොම සාමාන්‍ය දවසක් වුණත් කිංග්ස් ඇබට් ගම්මානයට ඒක එහෙම වුණේ නෑ. හේතුව තමා ගමේ තිබුණු ප්‍රභූ නිවාස දෙකකින් එකක් වුණු, ව්‍යාපාරික රොජර් ඇක්‍රොයිඩ් මහත්මයගේ නිවසේ අධ්‍යන කාමරය ඇතුළේදි ඔහුව මරා දමා සිටියදී සොයාගෙන තිබීම. බෙල්ල පිටුපසින් එල්ල කළ තියුණු පිහි පහරකිනුයි මේ ඝාතනය සිද්ද කර තිබුණේ. කලින් දා රෑ, ඒ කියන්නෙ 17 සිකුරාදා රාත්‍රි ආහාරය වෙලාවෙදියි බොහො දෙනා ඔහු ජීවතුන් අතර ඉන්නා බවට අවසාන වශයෙන් දැක තිබුණේ. නමුත් එදා රාත්‍රියේ ඔහු තමන්ගේ අධ්‍යන කාමරය ඇතුළේ කවුරුන් හෝ කෙනෙකු එක්ක ලොකු සංවාදෙක යෙදී උන්නු බව ඒ ගෙදර අයට ඇහිලා තිබුණා. රාත්‍රී ආහාරය වෙලාවෙදි ගෙදර අය සහ රොජර් මහත්මයාගෙ ලඟම හිතවතෙක් වුණ වෛද්‍ය ෂෙපර්ඩ් හැර පිටස්තර කිසි කෙනෙකු ඒ ගෙදර උන්නේ නැහැ. රාත්‍රී ආහාරය නිමා වෙලා වැඩි කාලයක් යන්න මත්තෙන් ෂෙපර්ඩ් ආපහු තමන්ගේ නිවසට එනවා. රොජර් මරා දමා ඇති බවට මුල්ම ඇමතුම ලැබෙන්නේ සිකුරාදා රාත්‍රියේ වෛද්‍ය ෂෙපර්ඩ් ගේ නිවසටමයි. ඒ සැනින් ආපහු රොජර් ගේ නිවසට යන ෂෙපර්ඩ් දැනගන්නව ඒ ගෙදර කිසි කෙනෙක් තමන්ට දුරකථන ඇමතුමක් දීලා නැති බව. නමුත් ඇමතුමෙන් කිව්ව දේ සත්‍යක්! රොජර් මහත්මයාව තමන්ගේ අධ්‍යන කාමරයේදී පිහියකින් ඇනලා මරා දමලා! ඝාතකයෙකු ගැන කිසිම සලකුණක් පොලීසියටවත් සොයාගන්න බැහැ. ඔවුන් සැක කරන්නේ නිවසේ ප්‍රධාන ගෘහ සේවක පාකර් ව. ගමේම නවාතැනක නැවතුම්ගෙන හිටිය රැල්ෆ් නම් රොජර් ගේ ඥාති පුත්‍රයාත් ආගිය අතක් සොයාගන්න බැරි විදිහට නවාතැන හැර ගිහිල්ලා. ඔය අතර සුප්‍රසිද්ධ බෙල්ජියානු ජාතික රහස් පරීක්ෂක හර්කියුලිස් පොයිරොට් නිවාඩුවක් ගත කරන්න මේ කිංග්ස් ඇබට් ගම්මානයට ඇවිත් ඇති බව දැනගන්න රොජර් ගේ ඥාති දියණියක් වුණු ෆ්ලෝරා ඇක්‍රොයිඩ් වෛද්‍ය ෂෙපර්ඩ් ගේ උදව්වෙන් මේ අභිරහස විසදීම ඔහුට බාර කරනවා. අපරාධවල සුල මුල සොයා යෑමේ සියුම් බුද්ධියක් ඇති බවට ප්‍රකට හර්කියුලීස් පොයිරොට් ට රොජර් ඇක්‍රොයිඩ් ගේ ඝාතකයාව කොටුකරගන්න ලැබේවි ද?
Sunday, January 19, 2025
The Murder of Roger Ackroyd
Tuesday, September 3, 2024
අම්මා මට කියාදුන් ගී
ඇමරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ඕමාහා නගරයේ ගොවිපළක් සහිත කුඩා නිවසක, ඉතා සාමාන්‍ය මාපිය යුවළකට දාව, සහෝදරියන් දෙදෙනෙකුට පසුව උපන් එක් කොලුගැටයෙකු සිටියා. කුඩාකාලෙ පටන් තිබුණු හිතුවක්කාරී ගති ගුණ නිසා මේ කුඩා කොලුවා දැඩි විනයක් සහිත හමුදා පාසලකට ඇතුළත් කරන්න ඔහුගේ මාපියන් තීරණය කරනවා. නමුත් එතැන කොහෙත්ම ඔහුට ගැළපෙන තැනක් වුණේ නෑ. ඒ නිසා එතනිනුත් ඔහුව පිටමං කෙරෙනවා. ජීවිතේ යෞවනත්වයට පත්වීම එක්ක ඔහු නිව්යෝක් රංගන පාසලට ඇතුළත් වෙන්නෙ ලොකු බලාපොරොත්තුවක් නැති ව. නමුත් ඔහු අවසානෙ නතරවෙන්නෙ ලොව මෙතෙක් බිහිවුණු අග්‍රගන්‍යම නළුවෙකු බවට පත්වෙමින්. ඔහු තමා මාලන් බ්‍රැන්ඩෝ. Songs my mother taught me කියන්නෙ බ්‍රැන්ඩෝ ගේ ජීවිත පුවත ඇතුළත් ඔහුගෙ චරිතාපදානය. එය සිංහලට පරිවර්තනය වෙන්නෙ "අම්මා මට කියාදුන් ගී" නමින්. පරිවර්තනය සිදුකරන්නෙ ලංකාවේ සිටින විශිෂ්ටතම කැමරා ශිල්පියෙකු විදිහට සැලකෙන එම්. ඩී. මහින්දපාල මහත්මයා විසින්. පොත කියවා බලද්දී වැටහෙන දෙය තමා මාලන් බ්‍රැන්ඩෝ කියන්නෙ හුදෙක්ම නළුවෙකුට එහා යන වටිනාකමක් ඇති සුවිශේෂ මිනිසෙක් බව.
Sunday, August 4, 2024
අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම
ප්‍රභාත් ජයසිංහ ගේ "අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම" කවි පොත කියවලා මේවට කවි කියලා කියන්න පුලුවන් ද කියල කවුරු හරි කෙනෙක් අහන්න පුලුවන්. එහෙම අහන කෙනෙකුගෙන් ආපහු අහන්න තියෙන්නෙ මේව කවි නොවන්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි. වාග්මය සෞන්දර්ය, කාව්‍ය අලංකරණ වගේ භාෂාමය සැරසිලි හැකිතාක් ඉවත් කරලා ලියවෙන කවි ගැන හොයාබලනකොට මං හිතන්නෙ සිංහල භාෂාවෙන් ලියවෙන කවි සම්බන්ධයෙන් තරමක් ඉතිහාසයකට අපිට ආපහු ගමන් කරන්න සිද්දවෙනවා. කොළඹ යුගයේදි කවිය අතිශ්‍ය සෞන්දර්යවාදීව රොමාන්තිකකරණයට ලක්වෙලා, සිව්පද විදිහට ආකෘතිගත වෙලා තිබුණ කාලයක ජී. බී. සේනානායක, සිරි ගුණසිංහ වගෙ අය බටහිර කවියේ ආභාසය අරගෙන, එවකට තිබුණ විරිතකට අනුව පද්‍ය ගොනු කිරීමේ සම්ප්‍රදාය බැහැර කරලා, යම් ආකාරයක නිදහස් ආරකින් කවි රචනා කරන්න පටන් ගත්තා. සඳැසින් මිදුණු ඒවා නිසඳැස් විදිහට හැඳින්වුණා. අර භාෂාවෙ රසකාරකයන්ගෙන් මිදිලා හැකිතාක් කාව්‍යමය අත්දැකීමට මූලිකත්වය දෙමින් සංරචනය වුණ සාහිත්‍ය ප්‍රවර්ගයක් විදිහට මේ කවි අපිට හඳුනාගන්න ලැබෙන්නෙ. ඉන්පස්සෙ ආරියවංශ රණවීර වගේ කවියෙක් මේ ආකාරයෙ කවි ඉතාම ජනප්‍රිය තලයකට අරගෙන ආව. මේ ක්ෂුද්‍ර ගුණයෙන් (කාව්‍ය තේමාව අනුව) යුක්ත රණවීරමය කවිය සිංහල කවිය ඇතුලේ අතුපතර ලා වැඩුණා.
Saturday, July 6, 2024
ගෝදානය
දඩයම් යුගයේදී වනපල නෙලා ගෙන සොබාදහමේම කොටසක්ව දිවි ගෙවීමට හුරුව සිටි මිනිසා කෘෂිකාර්මික ජීවන රටාවකට මාරුවිමත් සමග තම ජීවිත පැවැත්ම වඩා සංකීර්ණ බවට පත් කරගත්තේ ය. ඔහු බිම්කොටා සකසා තමන්ට අවැසි බෝගවර්ග වගා කරගන්නට පටන් ගත් අතර මිනිසාට එලෙස මහපොළොවත්, අව්වැසි සුළි සුළං ආදී ස්වභාවික බලවේග සමග නිරන්තර අරගලයක නිරතවීමට සිදුවිය. මෙය මනුශ්‍යයින්ට දරාගත හැකි ශක්ති ප්‍රමාණය ඉක්මවායන අතිශ්‍ය වෙහෙසකාරී කාර්යභාරයක් වූ නිසා ගොවි කටයුතුවල නිරත වන මිනිසා ඉන් හෙම්බත් වී විඩාවට පත් විය. නමුත් ශිෂ්ටාචාරයේ ගමන්මග ගොඩනැගුණේ ඒ මාවත ඔස්සේ ය. පොළොව බෙදා වෙන් කරගෙන එයට අයිතිවාසිකම් කියන්නට පටන් ගත් දා සිට මිනිසා ගේ ආත්මාර්ථය දියුණු විය. භූමියට ඇති හිමිකම් මත සමාජ බලය සහ අධිපතීත්වය තීන්දු විය. පාලන බලය හිමි සුළු පිරිසකට භෞතික වස්තු සම්භාරයක අයිතිවාසිකම් හිමිවූ අතර අති බහුතරයක් දෙනා ශ්‍රමය වගුරා ඒ වෙනුවෙන් ද තම දිවි පැවැත්ම වෙනුවෙන්ද ඔවුන්ට සේවය කළ යුතු විය. වහල් යුගයේ සිට වැඩවසම් යුගය පසුකරගෙන වෙලඳාම මුල්කරගත් ධනේශ්වර සමාජ ක්‍රමය දක්වා අප පැමිණ සිටිමු. පීඩනයේ ස්වරූපය වෙනස් වුවත් තවමත් මිනිසාගේ පැවැත්ම අසාධාරණය සහ අයුක්තියේ විෂම චක්‍රයක නොපවතින බව කිව හැකි ද.
Tuesday, April 2, 2024
මනුසත්වග
1964 මාර්තු 13 වන දින අලුයම තුන පසුවී විනාඩි තුනක් ගත වූ තැන නිව් යෝර්ක් නගරයේ ක්වීන්ස් කිව් උද්‍යානය සමීපව රතු පැහැති ෆියට් මෝටර් රථයක් නැවැත්වීය. එයින් පිටතට පැමිණියේ මොටෝරිය පදවාගෙන ආ විසි අට හැවිරිදි කැතරින් සුසාන් ජෙනොවේස් ය. කිටී නමින් බොහෝ දෙනා දැන සිටි ඈ නිව් යෝර්ක් නගරයට ඉතා ප්‍රිය කළ නිදහස්කාමී තරුණියක වූවාය.
Thursday, November 23, 2023
The Subtle Art of Not Giving a F*ck
The opening sentence on Charles Bukowski got me into this, and the second paragraph on Buddhism kept me going. At the end, what I found was priceless! I think what Mark Manson brings us from his book "The Subtle Art of Not Giving a F*ck" is way different and unique from many self-help stuff out there. Instead of being positive, he focuses on dealing with negativities, which are inevitable in our lives. Along with recommending this to everyone who interested in, here are some facts that caught my attention,
Monday, October 23, 2023
සෝබනකාරයා
Thursday, July 13, 2023
පියාපතක් වන් ජීවිතයක නික්මයෑම
"නවකතාව යනු වීරයෙක් හසු කරගැනීම සඳහා වූ උගුලක් නොවේ නම් වෙන කුමක් ද?"







