මෙලොව ජීවත් වූ බොහෝම දාර්ශනිකයන්ට වැඩියෙන් ෆියෝදර් දොස්තොව්ස්කි මිනිස් සංවේදනාවන් අවබෝධ කරගත්තේය, ඒ ඔහුට ඒවා තුළින් ජීවත් වන්නට සිදුවූ බැවිනි.
වර්ෂ 1849 දී වයස 27 ක් වුණු දොස්තොව්ස්කිව අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට තහනම් කර තිබූ දේශපාලන අදහස් ගැන කතා කළ සාහිත්‍ය කණ්ඩායමකට ඔහු අයත් වී සිටි නිසාය. ඔහු ශාන්ත පීටර්ස්බර්ග් නුවර හිම මිදුණු සිරකුටියක සිරගත කෙරුණු අතර එහි සිටියදී වෙඩි තබා මරන්නට නියම කෙරුණි.
මරණ දණ්ඩනය ලැබෙන දා උදෑසන ඔහුගේ දෑස් බැඳ අවි අමෝරා ගත් සොල්දාදුවන් පෙළක් හමුවේ අවසාන තීන්දුව ලැබෙන තුරු සිටුවා තබා තිබුණි. අවසන් මොහොත කිට්ටු වෙද්දීම වාගේ පණිවුඩ කරුවෙක් පැමිණ ඔහුගේ මරණ දඬුවම සාර් රජතුමා විසින් අත්හිටවූ බව දැනුම් දුන්නේ ය. නමුත් රජතුමා මේ සමාව පිරිනමා තිබුණේ වඩාත් දුෂ්ඨ අරමුණෙන් යුතුව ඔහුගේ ආත්මය තවදුරටත් බිඳදමනු පිණිස ය.
ඔහුට අවුරුදු හතරක් බරපතළ වැඩ සහිතව සයිබීරියාවේ සිර කඳවුරක ගෙවා දමන්නට සිදුවිය. ඔහුගේ දෙපා විලංගු වලින් බැඳ දමා තිබුණි. ඔහුට නිදන්නට සිදු වුණේ සොරුන් සහ මිනීමරුවන් සමග පිදුරු ගොඩකය. මෙහිදී ඔහුට නිදහසද, යහපත් සෞඛ්‍ය තත්වයද, සමාජ පිළිගැනීමද යන සියල්ල අහිමි විය. නමුත් වෙනත් යමක් ඔහු සොයාගත්තේ ය. එනම් දයාන්විත බවයි.
වඩාත්ම බිඳවැටුණු ආත්ම තුළ පවා දිව්‍යමය ආලෝක බිඳක් පවතින බව ඔහු දුටුවේ ය. සෑම මිනිස් හදවතකම යහපත සහ නපුර එක හා සමව වාසය කරන ආකාරය ඔහු දුටුවේ ය. අවසානයේ නිදහස ලැබුණු පසුව ඔහු ලියන්නට පටන්ගත්තේ හුදෙක් වේදනාවන් ගැන කරුණ කාරණා රැස් කරගත් මිනිසෙකු ලෙසින් නොව, එය මුහුණට මුහුණලා දුටුව මිනිසෙකු විලසින් ය.
මේ අත්දැකීම් ඔහු ලියූ සෑම වචනයක්ම හැඩගස්වනු ලැබීය. Crime and Punishment, The Idiot, Demons, The Brothers Karamazov — මේ සියල්ල බිහිවූයේ ඒ සත්‍යතාවයෙනි: එනම් නිදහස ලබාගත හැකි මාර්ගය වැටී ඇත්තේ වේදනාව හරහා පමණක් බවත් අඳුරුම හදවතකට වුවත් ආලෝකවත් වීමේ හැකියාව ඇති බවත් ය.
"මනා වූ බුද්ධියකට ද ගැඹුරු වූ හදවතකට ද වේදනාව සහ විඳවීම නිතරම අනිවාර්ය වෙයි" යනුවෙන් දොස්තොව්ස්කි වරක් ලිවීය. ඔහු දුර්භාග්‍ය සම්පන්න බව උත්කර්ෂයට නැංවූවා නොව, ඔහු පැවසුවේ වඩාත් ගැඹුරින් හැඟීම් අත්විඳීමට ද, සැබෑ ලෙසම ජීවත් වීමට ද නම් අවංක ලෙස දුක් වේදනාවන් බාරගත යුතු බවත් කුමක් වුවත් තවමත් ආදරයම තෝරාගත යුතු බවත් ය.
ඔහු කිසිදාක ධනවතෙකු වූයේ නැත. ඔහු ණය බරින් ද රෝගී තත්වයන්ගෙන් ද පීඩා වින්දේ ය. නමුත් ඔහුගේ වචන ඔහු ඉක්මවා තවමත් ජීවමාන ව පවතින්නේ ය. ඔහුගේ පොත් යනු හුදු නවකතා පමණක් නොව. ඒවා මිනිස් ආත්මයෙන් නැග එන පශ්චත්තාපයන් ය.
සමහර විට දොස්තොව්ස්කිගේ වටිනාකම තවමත් අඩු නොවී පවතින්නේ ඒ නිසා විය යුතු ය. මන්දයත් අන්ධකාරම කුටි තුළ ද, මරණයේ මොහොතවලදී ද, මනුෂ්‍ය ආත්මයට තවමත් නැගී සිටිය හැකි බවත්, තවමත් සමාව දිය හැකි බවත්, තවමත් ආදරය කළ හැකි බවත් ඔහු අපට සිහිපත් කර දෙන බැවිනි.
"ඔහුව මරණ දණ්ඩයට පිරිහෙළනු ලැබීය, නමුත් ඒ මොහොතේ ඔහු ජීවිතය උගත්තේ ය."
ඔබ තවමත් ඔහුව කියවා නැතිනම් කරමසෝ සහෝදරයෝ කෘතියෙන් ආරම්භ කරන්න.
එය ගැඹුරු, මානුෂික සහ අමතක නොවන සුළුය.
තවමත් ඔහුට මිනිස් හදවත පිළිබඳ අධිපතිත්වය දරන්නා යැයි හඳුන්වනු ලබන්නේ ඇයි දැයි ඔබ වටහා ගනු ඇත.
Translated from the page "Classic Literature"

No comments:
Post a Comment