කොට්ටෝරුවා කිව්ව ගමන් අපේ ඔලුවෙ මැවෙන්නෙ ගස්වලට කොටමින් යන දිග හොටක් තියන රතුපාට කුරුල්ලෙක්ව. "කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනවා කෙහෙල් ගහට කොටපුවාම හොට පැටලෙනවා" කියන්නෙ ඒකනෙ. නමුත් කොට්ටෝරුවා කියන්නෙ එහෙම ගහෙන් ගහට කොටමින් යන කුරුල්ලෙක් නෙමේ! කොට්ටෝරුවා කියල අපි හඳුන්වන කුරුල්ලා ගෙ ඇත්තම නම තමා කෑරලා. මේ Woodpecker නමින් හඳුන්වන කුරුල්ලාගේ නම සිංහලෙන් කෑරලා වියයුතුයි. මග හඬින් සද්ද නගමින් ගස් වලට කොටන්නේ කෑරලා තමයි. කෑරලුන් විෂේශ ගණනාවක්ම අපේ රටේ දක්නට ලැබෙනවා. මේ මුල්ම පින්තූරෙ ඉන්නෙ අපිට බහුලවම දකින්න ලැබෙන රතුපිට රත් කෑරලා (Red backed woodpecker) . එතරම් සුලබ නොවුණත් රන් පිට රත් කෑරලා (Golden backed woodpecker) කහ පිට මහ කෑරලා (Black backed yellow woodpecker) බොර ඉයැසි ගෝමර කෑරලා (brown capped pygmy woodpecker) පුංචි කාවුරු කෑරලා (Small scaly bellied woodpecker) කහසිළු ගෝමර කෑරලා (Yellow crowned woodpecker) හීන් කහ ගෙලැසි කොළ කෑරලා (Lesser yellow napped woodpecker) කියන කෑරලුන් විශේෂ ලංකාවෙන් හමුවෙනව. කෑරලාගෙ ශරීරයෙ තියන සුවිශේෂී පිහිටීමක් තමා අසාමාන්‍යය තරම් දිගට වැඩෙන උන්ගේ දිව. මේ ඉතා දිගු දිව ගස් කඳන් හාරද්දී ඒ තුල ඉන්න කෘමි සතුන් පණුවන් ආහාරයට ගන්න උදව්වෙනව.
එතකොට කොට්ටෝරුවා කියන්නෙ කාටද? මේ හත්වෙනි පින්තූරයෙන් පස්සෙ ඉන්න කුරුල්ලන් තමා නිවැරදිව කොට්ටෝරුවා (ඉංග්‍රීසියෙන් Barbet) විදිහට හඳුන්වන්නෙ. පින්තූරයෙ ඉන්නෙ අපි පොළොස් කොට්ටෝරුවා නමින් හඳුන්වන Brown headed barbet.. රන් නළල් කොට්ටෝරුවා (Yellow fronted barbet) සහ රත් මුහුණත් කොට්ටෝරුවා (Crimson fronted barbet) ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන්. කොට්ටෝරුවා ආහාරයට ගන්නේ ඉදිණු පළතුරු. මේ කුරුල්ලන් ජීවත්වෙන්නෙ නිවර්තන කලාපීය රටවල. කොට්ටෝරුවාට කෑරලා තරම් ගස් හෑරීමේ හැකියාවක් නෑ. ඒ නිසා දිරා ගිය ගස් කඳක හදාගත් බෙනයක නැත්නම් බොහෝ වෙලාවට කෑරලෙක් අතහැරගිය තැනක තමා කොට්ටෝරුවන් වාසස්ථානය සඳහා තෝරාගන්නෙ.
රතුපිට රත් කෑරලා (Red backed woodpecker)
රන් පිට රත් කෑරලා (Golden backed woodpecker)
කහ පිට මහ කෑරලා (Black backed yellow woodpecker)
බොර ඉයැසි ගෝමර කෑරලා (brown capped pygmy woodpecker)
පුංචි කාවුරු කෑරලා (Small scaly bellied woodpecker)
කහසිළු ගෝමර කෑරලා (Yellow crowned woodpecker)
හීන් කහ ගෙලැසි කොළ කෑරලා (Lesser yellow napped woodpecker)
පොළොස් කොට්ටෝරුවා Brown headed barbet
රන් නළල් කොට්ටෝරුවා (Yellow fronted barbet)
රත් මුහුණත් කොට්ටෝරුවා (Crimson fronted barbet)
++++++++++++++++++++
ReplyDeleteThanx alot Pra Jay
DeleteDid not know there are so many 'Kerala's', mostly seen the red one.
ReplyDeleteGreen one we called Jambu Kottoruwa, mostly Polos Kottoruwa.
We mostly seen the red one ..others bit hard to seen...
Deleteපොලොස් කොට්ටෝරුවන් බෙනයක් හාරන්නෙ නැහැ ම කියන්න අමාරුයි. අපේ පුවක් ගහක බෙනයක් හාරනව මේ දවස්වල
ReplyDeleteකොට්ටෝරුවනුත් බෙන හාරනව ඒ බව කියා කියා තියනව මෙතන....නමුත් කෑරලා තරම් සුලභ නෑ..උන් බොහෝ විට කෑරලුන් අතැර ගිය බෙනයක බිත්තර දාන බව තමා සොයාගෙන තියෙන්නෙ...එහෙම තැනක් හොයාගන්න නැති වුණාම බෙන හාරනව ඇති...
DeleteYes That is a true
DeleteThanks for sharing knowledge
ReplyDeleteIts my pleasure :)
Deleteඅහම්බෙන් දැක්කේ අපේ මාතලන්ගේ කොටුවෙන් :)
ReplyDeleteජය වේවා...!
Good job.... Great
ReplyDeleteDear Hashan Randika Dias,
ReplyDeleteYou have used one of image in this article and its a copyrighted image that you have used in your blog for over 2 years now. Please contact me for pricing for the usage.
පලා කොට්ටෝරුවා ,පොලොස් කොට්ටෝරුවා කියන්නෙ දෙන්නෙක්ද?
ReplyDeleteValuable information
ReplyDeleteRed backed flameback ගැන සිංහලෙන් විස්තරයක් දාන්න පුළුවන් ද
ReplyDeleteවට්නවා...
ReplyDelete"කොට්ටෝරුවා" කියන නාමාපදයේ ස්ත්‍රී ලිංග පදය මොකක්ද?
ReplyDelete