මොකක් හරි දරුණු ගණයේ බිහිසුණු අත්දැකීමකට මුහුණදීලා ජීවිතය ගළවාගත්ත කෙනෙකුට ඉන්පස්සෙ සෑහෙන කාලයක් යනතුරු, සමහර විට ජීවිත කාලය පුරාම අර සිද්දිය නිසා ඇති වුණු කම්පනයෙන් ගැලවෙන්න බැහැ. උදාහරණයක් විදිහට මේ කෙනාට අදාළ සිද්ධිය වුණේ වනාන්තරයක් මැද නම් කවදාවත් කලින් වගේ හැඟීමකින් වනාන්තරයක තියන නිහඬ නිසංසල ගස්පෙළක් දිහා ආයෙත් බලන්න බැහැ. In A Violent Nature චිත්‍රපටයේ අන්තිම විනාඩි 10 දි වගේ වෙන සිදුවීම් මාලාවෙන් මෙන්න මේ කටුක යථාර්ථය හොද හැටි පෙන්නුම් කෙරෙනවා. කිසිම භයංකාර දර්ශනයක් නැතිව කුතුහලය පිරුණු edge of seat අත්දැකීමක් නරඹන්නාට ලබා දෙනවා. මේක හොද Horror චිත්‍රපටයක වැදගත් ලක්ෂණයක් කියලා මම හිතනවා.
2024 ආව In A Violent Nature කියන්නේ කපන කොටන ලේ වැගිරෙන Slasher චිත්‍රපටිවල බහුලව දකින්න ලැබෙන අතිශ්‍යයින්ම සාමාන්‍ය කතාවක් තියන චිත්‍රපටියක්ම තමයි. නමුත් මෙතන විශේෂත්වයක් තියනව. ඒ තමා මේ කතාව කියන්න භාවිත කරන දෘෂ්ටි කෝණය වෙනස් එකක් වීම. වෙනස් ඇහැකින් දැකගන්න සැලැස්වීම. සරලවම කිව්වොත් ඝාතකයාගේ දෘෂ්ටිකෝණයෙන් තමා මෙතනදි වෙන බහුතරයක් සිද්ධිදාමයන් අපි දැකගන්නේ. එතකොට ඝාතකයාගෙ ගමන් මාර්ගය, ඔහු ඊළගට කරන්නෙ මොකක්ද, ඔහු අතින් මිය යන්නෙ කවුද කියන මේ දේවල් අපිට කලින්ම දැනගන්න ලැබෙනවා. එහෙනම් මෙතන කිසි කුතුහලයක් ඉතිරිවෙන්නෙ නැහැනෙ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් චිත්‍රපටියෙ තියන බිහිසුණු කම මේ කිසි කාරණාවක් නිසා අඩුවක් වෙලා නම් නැහැ. එතනදි වැදගත්ම වැඩකොසක් කරලා තියෙන්නෙ අපේ දෘෂ්ටියට අහුවෙන සිනමා රෑපය. ඉතාම සාමාන්‍ය කතාවක් වුණත් රෑපය මුල් කරගත්ත සිනමා මාධ්‍යට එනකොට, සිනමා නිර්මාණයක් විදිහට Horror/ Slashe චිත්‍රපට අංශයෙන් In A Violent Nature ඉදිරියෙන් තියන්න පුළුවන් වෙන්නෙ ඒ නිසයි.
චිත්‍රපටය අපි දකින්නේ ඝාතකයාගේ පැත්තෙන් නිසා ඝාතකයා (Johnny) ප්‍රේක්ෂකයාට සමීප චරිතයක් බවට පත්වෙනවා. මෙතනදි ඔහුගේ චරිතයේ තියෙන භයානක කම කොයිතරම්ද කියනව නම්, සිනමා ඉතිහාසයෙ නිර්මාණයවී ඇති භයානකම අපරාධකාරයා විදිහට සැලකෙන No country for old men චිත්‍රපටයේ Anton Chigurh ගේ සම මට්ටමට තියන්න පුළුවන් ආකාරයට Johnny ගේ බිහිසුණු කම මතු කරලා තියනව. නිහඩතාවයේ ගිළුණු කැනේඩියානු වනපෙතක තියන අමුතු හුදෙකලා බව චිත්‍රපටියේ භයංකාර බව තවත් වැඩි කරනවා. හැබැයි ඉතින් ඔය වගේ වනාන්තරයක මැද්දෙ ඇවිදන් යනකොට වෙන කෙනෙකුට අයිති දෙයක් බිම වැටිලා තියෙනව දැක්කොත් අහුල ගන්න යන්න එහෙම එපා. ඒ ඇයි කියල තේරුම් ගන්න වෙන්නෙ ඉතින් ශරීරයෙ කිසිම කොටසක් අඩු නොවී ආව වගේම ආපහු කැලෙන් එලියට එන්න ඉඩ ලැබුණොත් තමා.
කාලයක් නම් මේ හොරර් වර්ගයේ චිත්‍රපටවලට කැමැත්තක් තිබුනා. ඒත් දැන් නම් ලේ හැලෙන, අමානුෂික පහරදීම් තියන ඒවා බලන්න හිතෙන්නෙ නෑ.
ReplyDeleteමමත් Litseeker ගෙ ජාතියෙ එකෙක්. දරුණු චිත්‍රපට බලන්නෙ බොහොම කලාතුරකින්, නොබලාම බැරිම නං විතරයි. ඒකත් බොහෝ විට සර්වයිවල් ෂානරයේ ඒව. ඒ තියා දැන් දැන් මරාගන්න වීඩීයෝ ගේම්ත් අත්හැරියා. අපි දැන් වයසයි, අපේ හාංදුන්නේ!😋
ReplyDelete