අපි ජීවත් වෙන්නෙ නිතරම අපේ අවධානය ගන්න බලාගෙන ඉන්න ලෝකෙක. සමාජ මාධ්‍යවලින් එන Notifications, අපි කරන වැඩ වල deadlines, කෙළවරක් නැති වගකීම් අපේ ස්නායු පද්ධතියට ලොකු පීඩාවක් කරනවා. ගොඩක් වෙලාවට මේවා නිසා අපි සාංකාවට පත්වෙනවා, නොසන්සුන් වෙනවා, ලොකු වෙහෙසක් අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒත් මේ හැමදෙයක්ම එක්ක ජීවිතේ සමබරතාවයක් පවත්වගෙන යන්න අපිට පුළුවන්. ක්ෂණික ක්‍රමවලින් නෙවෙයි. එදිනෙදා ජීවිතය ඇතුළේ අපේ ශරීරය, මනස, ආත්මය පෝෂණය කරන පුරුදු වලින්.
- මනස සන්සුන් කරන නිහඬබව - ඝෝෂාවෙන්, කලබලකාරි බවෙන් ඈත් වෙන්න. විනාඩි 10 ක කෙටි නිහඬතාවකට වුණත් පුළුවන් ඔයාගේ ඇතුළාන්ත සාමය ආපහු පණගන්වන්න.
- දිග දුරක් පයින් ඇවිදීම - පයින් ඇවිදීම ඔයාගේ ආත්මයට අළුත්බවක් අරගෙන එනවා. හොඳ සිහියෙන් ශරීරය ක්‍රියාවේ යෙදවීම ඔයාගේ මනස පැහැදිලි කරවනවා.
- ගෙවීගිය ශක්තිය යළි වඩවන හුදෙකලා කාලය - හුදෙකලාව කියන්නේ තනිකම නෙවෙයි, තමන්ගේ ආත්මය එක්ක සම්බන්ධවීම බව අත්විඳින්න.
- පරිපූර්ණත්වය අතහැරලා සැබෑ ඔබ බවට පත්වීම - ඔයාට ඔයා අඩුපාඩු සහිත කෙනෙක් කියලා බාරගන්න පුළුවන් නම් එතන නිදහස තියනවා. ඒ අවංක බව ඔයාව සුවපත් කරනවා.
- හොඳ මිත්‍රයන් ඇසුරේ ලැබෙන සිනහව - සතුට කියන්නේ ඖෂධයක්. ඒකෙ වටිනාකම අවතක්සේරු කරන්න එපා.
- කරන්නට බැරිතරම් වැඩ රාජකාරි ගොඩගසා නොගැනීම - ඔයා කරන වැඩ ප්‍රමාණය ඔයා ඒවෙනුවෙන් කැප කරන ඇතුළාන්ත සාමය තරමට නොවටිනා වෙලාවක ඒ හැම දෙයක්ම අතහරින්න.
- මෙතුවක් ආ දුර ගැන ඇති අගයකිරීම - තමන්ට කාරුණික වෙන්න. ඒක ලොකු ශක්තියක්. ගමනාන්තය විතරක් නෙවෙයි. යන ගමනත් රසවිඳින්න.
- සොබාදහම එක්ක කාලය ගතකිරීම සහ එහි සාමකාමී බව විඳගැනීම - සොබාදහම අපේ ස්නායු පද්ධතිය නැවත සකස්කරනවා. ඊට ඉඩ දෙන්න.
- වරදකාරී හැඟීමක් නැතිව ලබන විවේකය - විවේකය හැම අතින්ම අර්ථවත්. ඔයා ලබන මේ විරාමය ඇතුළේ ඔයාගේ ශරීරයට තමාවම අලුත්වැඩියා කරගන්නවා.
- කාරුණික වෙන්න - විශේෂයෙන්ම තමන්ට, ඔයා ඔයත් එක්කම කතා කරන භාෂාවේ ස්වභාවය අනික් හැම දේටම වඩා වැදගත්. ඔයාගේ ස්නායු පද්ධතිය තමා ඔයාගේ පදනම. ඒක සමබරව පවත්වාගන්න. ජීවිතේ අනෙක් හැමදේම, ඔයාගේ අවධානය, සෞඛ්‍ය, සම්බන්ධකම්, සතුට මේ දේවල්, වඩා යහපත් අතට හැරෙන බව ඔයාට දැනේවි.
ඔයාගේ ඇතුළාන්ත ලෝකය ගැන සැලකිලිමත් වෙන්න. බාහිර ලෝකයත් සැහැල්ලු බව ඔයාට විඳගන්න ලැබේවි.
.
.
.
~ Extracted and translated from the page "Buddhism"