Tuesday, September 16, 2025

අමාරු වෙලාවක වුණත් ආදරය තෝරගන්න

කවදාවත් රණ්ඩු කර නොගැනීම, හැම දේකටම එකඟවීම සහ සර්ව සම්පූර්ණව ජීවත් වීම සැබෑ ආදරය එක්ක සම්බන්ධයක් නෑ. ආදරය කියන්නෙ දේවල් වඩාත් අපහසු වෙනකොට ඔයා කරනදේ ට.

තරහව එනකොට මමත්වය මුමුණනවා : මෙතනින් නතරවෙන්න, අතහැරල යන්න, ආපහු රිදවන්න කියලා. ඒත් ආදරය කතා කරන්නෙ වෙනස් විදිහකට: ඇහුම්කන් දෙන්න, අතනොහැර ඉන්න, මොනාවුණත් රැකබලා ගන්න. මොකද ඇත්ත ආදරයක් නම් ඒක ඉක්මණින්ම නැතිවෙලා යන්නෙ නෑ. කුණාටුවක් මැද්දෙ වුණත් ඒක නොසැලී පවතිනවා. 


තරහෙන් ඉන්න වෙලාවකත් කෙනෙකුව රැකබලා ගන්නව කියන්නෙ තාවකාලික හැඟීමකට වඩා ඒ බැඳීම ඔයාට වටිනව කියන එක. එහෙම වෙනකොටයි ඔයා ගැටීම වෙනුවට සම්බන්ධකම වැදගත් කියලා සලකන්නෙ, වාද කරලා දිනනවා වෙනුවට තේරුම්ගැනීම තෝරාගන්නෙ. අහංකාරයට වඩා සාමය අගය කරන්නෙ. 


අපි වාදවිවාද කරගන්න දේවල් දවසෙ අන්තිමට මැකිලා යනවා, ඒත් ඒ අපහසු වෙලාවන් වලදී අපි අනෙකාට සලකපු විදිහ මතකයක් විදිහට හැමදාම රැඳිලා තියනවා. ඔයාගෙ වෛරයට වඩා ඔයාගේ ආදරයට විශාල වෙන්න ඉඩ දෙන්න. සම්බන්ධකම් දුෂ්කරතාවන් හරහා පවතිනවා විතරක් නොවෙයි, ඒවා වර්ධනය වෙන බව ඔයා තේරුම් ගනීවි. 


අමාරු වෙලාවක වුණත් ආදරය තෝරගන්න. අපේ තියන ගැඹුරුම බලය රඳාපවතින්නෙ එතන.


~ Extracted and translated from the page "Buddhism"




No comments:

Post a Comment