Monday, November 19, 2018

සියලු දෑ සැලසුම් කල පරිදි සිදුවිය යුතු ය.


ගිවිසුම් ප්‍රකාරව
සත්වෙනි සඳෙන් පසුව
සියලු දෑ සැලසුම් කල පරිදි සිදුවිය යුතු ය.

ඒ අනුව..

වදනතර බොහෝ දිගු විරාම තැබිය යුතු ය.
විශේෂණ පද ගලවා වීසි කළ යුතු ය.
මුදු වදන් හලා ඉවත් කල යුතු ය.
හඬ මදක් වැඩි කර සිනාසිය යුතු ය.
දුටුවත් නොදුටුවා සේ සිටිය යුතු ය.
ඇසුණත් නෑසුණා සේ සිටිය යුතු ය.
ලැවැන්ඩර පුසුඹ ඉවසිය යුතු ය.
රාත්‍රියක් දෙකක් නිදි වැරිය යුතුය
පිටු පණස් හතරක ඉතා දිගු ලිපියක් ලිවිය යුතු ය.

අවසන...
සූර්‍යයන් සතක් පායා
මුරුගසන් වරුසා වැස
ලෝකය මිය යා යුතු ය....

ඉක්බිතිව...
චන්ද්‍රයන් දහසකට පසුව
නර කෙස් පෑදුණ
උදරය නෙරා විත්
සම රැළි වැටුණ
කෙට්ටු කෘශ මිනිසෙක්
වැසුණු කවුළුවක් අද්දරට වී
කවියක් කුරුටුගාමින් සිටිය යුතු ය..





6 comments:

  1. ඒ කුරුටු ගානා කවියේ

    වදනතර විරාම මැද... මල් ලියකම් ඉසින්නට
    ගැලවී විසි වෙන විශේෂණ පද... එකිනෙක ඇහිඳින්නට
    හැලෙනා මුදු වදන්... හොර රහසේම සඟවාගන්නට
    සිනහවේ වැඩි වූ හඬේ... ස්වර රාව මනින්නට
    දුටු නුදුටු රූ මැද... සෙවණැල්ලක්ව හිඳින්නට
    ඇසෙන නෑසෙන හඬ මැද... මිණි කිකිණි නදක් වන්නට
    ලැවැන්ඩර් පුසුඹේ මුසුව එන... පිච්ච මල් සුවඳක් වන්නට
    නිදි වරන රෑ පුරා... තරු එළියක්ව හිඳින්නට
    ඉතා දිගු ලිපිය... පිටු පණස් හතරෙන් නොනවතින්නට

    සූර්යයන් සතක් පායා
    මුරුගසන් වරුසා වැස
    ලෝකය මිය ගියද

    චන්ද්‍රයන් දහසකට පසුව උදා වන
    එක් දහස් එක් වන රැයේදී

    සැලසුම් නොකළ යමක් සිදු වනු ඇත... ;)

    ReplyDelete
  2. මේක නම් හරියට ගිවිසුමක් වගේ වෙලාවකට , තවත් වෙලාවක පරම සත්‍යය වගේ . අපුරුයි .....

    ReplyDelete
    Replies
    1. බොහෝවිට එය තමා සිදුවෙන්න නියමිත....බොහොම ස්තූතියි!

      Delete
  3. thawath blog kiyawanayak (sindiyak) https://sithuwili.info/

    ReplyDelete