ඒ අත්ල මය මේ
අත්වැරැදීමකින් දවසක්
යන්තමින් ගැටුණ...
ඒ අත්ල මය මේ
හිටිවනම නොසිතුසේ
උනුන් හා පැටලුන...
ඒ අත්ල මය මේ
දෙනෝදහසක් මැද
රහසේම සිපගත්...
ඒ අත්ල මය මේ
දබරැඟිල්ලෙන් සියුම් ලෙස
රේඛා එකින් එක පිරිමැදි...
ඒ අත්ල මය මේ
අවසන් වතාවට
සමුගනු පෙර
දැඩිව අල්ලාගත්...
රන්දික නියමයි ඒ අත්ල ... මතක දිගේ ඇවිදගෙන යන්න පුළුවන් .......
ReplyDeleteබොහොම ස්තූතියි!... එහෙම ඇවිදින ගමන් වල ප්රතිඵල තමා මේ ලියවෙන්නෙ...
Deleteඒ අත්ල නිසාමද ඉස්සර වගේ ෆුට් බෝඩ් එකේ නොයා දුම්රියේ ඇතුළට වෙලා යන්නේ?
ReplyDelete