Friday, November 23, 2018

ඔයා මගේ අයරින් ඇඩ්ලර්..

ඔයා මගේ අයරින් ඇඩ්ලර්..

දහදිය බිඳිති කෙහෙරැළි
වත්සුණු, රතැති තොල් පෙති
පසුපස හඹා දිවයන
හෝම්ස්මය දෑසකින්
සැඟවී පළා යන..

අහසද පොළව ගැටලන
හිස රිදුම්දෙන බමවන
මහා අබිරහස් මන්තර
එක හිනාවක හංගන..

කලබල බමර ගුමු ගුමු
මල්සර හී ද විස තුඩු
අසල ඇස් වසා තනිවන
තනිවම මොනවදෝ මුමුණන..

හදවතේ
අඳුරු අවකාශේ
අහුමුළු පුරා ඇවිදින..
සියුම් පිය සටහන්
මතකයේ තැනින් තැන රඳවන..

සීරුවට ගොතාගත් සිතුවිලි
හැඩි කර දමා දිවයන
දිවගොස් කොහේදෝ සැඟවෙන..

ඔයා මගේ අයිරින් ඇඩ්ලර්
හීනෙනුත් මට හිනැහෙන
මට කවදාවත් ම නොලැබෙන...


අයරින් ඇඩ්ලර් -  ශර්ලොක් හෝම්ස් කථා වල මුණ ගැසෙන හෝම්ස් පවා පරාජය කළ, ඔහු ගේ විශේෂ ගරුත්වයට නතු වූ එකම කාන්තාවයි.




2 comments:

  1. රන්දික ඔබේ හැම ලියවිල්ලක්ම අත නොහැර කියවනවා . ඔබේ ලියැවිලි බොහෝ දේ හොයන්නට යොමු කරනවා . මේ කවිය විදින්නට පෙර මම ඒ ගැන හෙව්වේ ඒ නිසා . දිගටම ලියන්න .නියමයි .

    ReplyDelete
  2. ඒක නියමයි.........

    ReplyDelete